දුරකථන අංක : 0115248707 |  0115945750 ෆැක්ස් : 0115942300

ආයුර්වේදය හා හෙල වෙදකම රාවණ අධිරාජ්‍ය සමයේ තිබූ ආශ්චර්්‍යමත් විද්‍යාවකි. එතුමා සහ එතුමාගේ මුත්තා වන මහා සෘෂි පුලස්ති මෙම විද්‍යාවෙන් කෙල පැමිණ සිට්යහ. හෙල වෙදකමට සම්බන්ධ සෘෂි වරුන් ර්‍ණමුරුත”නම් විය. යන්ඩ තේරුම වෙද සෘෂි ලෙසය. මෙම සෘෂින්ගේ අනු දැනුමෙන් හෙල වෙදකම ඉහළ අඩිතාලමකට පැමිණියේය. ආයුර්වේදය හා හෙල වෙදකම යනු හෙල ජන ජීවිතයේ අංගයක් විය. එය හෙල සමාජයේ සෞඛ්‍ය සම්පන්න පැවැත්මට උපකාරී විය. නමුත් වර්ථමාන සමාජ ආකල්ප වලට වඩා හාත්පසින්ම වෙනස් ක‍්‍රමයක් හෙල සමාජය තුල විය. සමාජය සෞඛ්‍ය සම්පන්නව තැබීමට විවිධ හේතු බලපායි.

1. යහපත් කර්මාන්තය

2. යහපත් දින චර්්‍යාව

3. යහපත් ආහාරය

4. යහපත් ආධ්‍යාත්මය

යහපත් කර්මාන්තය යනු වැසියන් නිරතව සිටින රැුකියාවයි. හෙල දේශයේ ප‍්‍රධාන රැුකියාව වූයේ ගොවිතැනයි. මනා ව්‍යායාමයක් ලැබෙන, මානසික තෘප්තියක් ලබන, යෝග්‍ය වෘත්තියකි. මෙයට අමතරව එකල රැුකියා යන්ත‍්‍රානුසාර ගත නොකල නිසා ශරීරයට මනා ව්‍යායාමයක් ලැබුණු අතර කය වෙහෙසා වැඩ කිරීමට මිනිසුන් පුහුණු වී සිටියහ. යහපත් කර්මාන්තය ඉතාම වැදගත් වන්නේ එය කායිකව හ ාමානසිකව බලපාන බැවිනි.

යහපත් දින චර්්‍යාවක් අනූව ක‍්‍රියා කල හෙලයෝ මනා සෞඛ්‍ය මට්ටමක සිටි බව අනුරාධපුර පොළොන්නරු නටඹුන් බැලීමේදී ඔප්පු වේ. තම දවසේ වැඩ කොටස් බෙදාගෙන කිරීමෙන් අනවශ්‍ය වෙහෙසකාරී තත්වක් නැතිව කාර්්‍යය කිරීමට හැකි විය.

යහපත් ආහරය සෟඛ්‍යයට ඉතාම වැදගත් වන අතර එදිනෙදා කාර්්‍යයන් වලට රුකුලක් වන්නේය. හෙල ගොවියා සමබර ආහාර වේලක් ගත් බවට සාධක ඇත. මාංශ ආහාර අනුභව කලත් පලා වර්ග, එළව`ථ වර්ග, කුරක්කන්, මෑ වැනි ඇට වර්ග සියල්ලම අනුභව කලහ.

ආධ්‍යාත්මය සෞඛ්‍ය සම්පන්න වීමට ප‍්‍රධාන කරුණ බව ආයුර්වේද පොතපතේ සහ හෙල ග‍්‍රන්ථ වල ස`දහන් වේ. පුරාණයේ හෙල වෙදුන් හා සෘෂි වරුන් මුල් කරගෙන ජීවිතය හැඩගස්වා ගත් අතර පසුව බෞද්ධ ආභාෂය ලැබීමෙන් තම ජීවිත ඒ අනූව හැඩ ගැන්වීය. කෘෂිකර්මය මුල් කරගත් ආර්ථිකය ආධ්‍යත්මික ගුණ වගාවට රුකුලක් විය.

මෙවැනි සාමාජීය පසුබිමක හෙල ආයුර්වේදය හා හෙල වෙදකම ක‍්‍රියාත්මක විය. ඉහත කරුණු අනූව හැඩගැසුණු සමාජීය ක‍්‍රමයක රෝග වර්ධනය හා අසාධ්‍ය තත්වයට පත් වීම ඉතාම අඩු විය. හෙල වෙදකමේ ජීවිතය හැඩගස්වා ගැනීමට වැඩි අනුබලයක් ලැබුණි. රාවණ සමයේ සිට අපට දායාද වූ හෙල වෙදකම එම සමයේ ඉතාම ඉහල මට්ටමක පැවති බව හෙල අටුවාවේ ස`දහන් වේ. රාවණ අධිරාජ්‍යයා හා පුලතිසි සෘෂිතුමා හෙල වෙදකමේ පුරෝගාමීන් ලෙස ස`දහන් වේ. පුලස්ති සෘෂි තුමාගේ යටතේ දැනට පොළොන්නරුව මුල් කරගෙන ආයුර්වේද රෝහල් ජාලයක් වූ බව ස`දහන් වේ. මෙම රෝහල් වලට වෛද්‍යවරුන්්, හෙදියන් සහ සේවකයන් වූ බව ස`දහන් වේ. හෙල අටුවාවේ ස`දහන් මෙම කරුණු වලට අමතරව පුරාවිද්‍යා සාධක අවම වුවද බුද්ධදාස රජුගේ වෛද්‍ය පද්ධතිය අධ්‍යයනයෙන් පුලතිසි රජුගේ සේවාව පිළිබ`ද අවබෝධ කර ගත හැකිය. පුලතිසි සෘෂි යටතේ පාලනය වූ හෙල වෛද්‍ය පද්ධතියේ ප‍්‍රධාන හා උප ප‍්‍රධාන රෝහල්ද, කුඩා රෝහල්ද විය. වර්ථමානයේ මෙන් අසාධ්‍ය රෝගීන් කුඩා රෝහල් වල සිට මහා රෝහල් වලට ප‍්‍රවාහන සේවා ද විය. මෙම රෝහල් වලට අවශ්‍ය බෙහෙත් වර්ග එම ප‍්‍රදේශ වල වගා කර සැපයීම ජීවිකාවක් කර ගත් පිරිස්ද විය. රෝහලේ නඩත්තුවට අවශ්‍ය වියදම් රාජ්‍ය අනුග‍්‍රහයෙන් හා එම ප‍්‍රදේශයේ පාලකයන් ගෙන් සැපයිනි. එම රෝහල් නඩත්තුවට කුඹුරු ඉජම් සියල්ල කැප කර තිබූ අතර ඒවා පාලනයට නිලධාරීන් සිටියේය. රෝහල් හා සේවකයන් සියල්ලම රාජ්‍ය බදු වලින් නිදහස් කරන ලදී. පුලතිසි මහා සෘෂි තුමාගේ ගෝලයෙක් වූ රාවණ අධිරාජ්‍යයා හෙල වෙදකමේ කෙල පැමිණියෙකි. එතුමාට වෙද හෙල කම් පමණක් නොව චිකිත්සාව වැනි දේ පිළිබ`දවද මනා අවබෝධයක් විය. එතුමා විසින් විශාල ආයුර්වේද වගාවන් ස්ථාපිත කල අතර දැනුදු මෙම ඖෂධ වන උයන් අපට දක්නට ලැබේ. උදාහරණයකට රූමස්සල, ලග්ගල, දො`ථකන්ද, රිටිගල හා හග්ගල දැක්විය හැක. මෙම වනාන්තර වල දැනුදු දුර්ලභ ශාක වර්ග වැවේ. කුඩා හැඩයා, මහා හැඩයා, ක`ථනික, විශ්ණු ක‍්‍රාන්ති, ඉරුරාජ හා ස`ද රාජ වැනි ඖෂධ බහුලව වැවේ. එතුමා ඖෂධ නිෂ්පාදනය විද්‍යාවක්ලෙස ලොවට හ`දුන්වා දුන්නේය. ”අරක” හා ”ආසව” පෙරීම ආයුර්වේදයේ ප‍්‍රධාන අංග වේ. එම ශාස්ත‍්‍රය ලොවට හ`දුන්වා දුන්නේ ඔහුය. එම බෙහෙත් පෙරීමට අවශ්‍ය ”චාරුණී” යන්ත‍්‍රය නිෂ්පාදනය කලේද මෙතුමායි. පුරාණ ආයුර්වේද ග‍්‍රන්ථ අධ්‍යයනයෙන් පෙනී යන්නේ ඖෂධ නිෂ්පාදනය (ඡුරදජැිිසබට), පෙරීම (ාසිඑසකසබට) හා ඇඹරීම විද්‍යාත්මකව දැන සිටි බවයි.

එකල ආයුර්වේදය, ජ්‍යොතිෂය හා ගුප්ත විද්‍යාව සම`ග සම්බන්ධ වී තිබුණි. එම නිසා රෝගියාගේ ආධ්‍යත්මය ඉතාම ඉතාම වැදගත් විය. හෙල වෙදුන් රෝගියාගේ කයට හා මනසට වෙදකම් කලේය. එම නිසා රෝගීන් සීඝ‍්‍රයෙන් සුවපත් විය. වර්ථමාන බටහිර වෛද්‍යවිද්‍යාවේද මෙම ක‍්‍රම යොදා ගනිමින් පවති.

රාවණ සමයේ සිට මෙම හෙල වෛද්‍ය සේවය කොටස් කිහිපයකට බෙදේ. සැත්කම්, විදුම්, පිලිස්සීම්, කෂාය, තෙල්, වාජීකරණ ලෙස ආයුර්වේදය බෙදා තිබුණි. රාවණ අධිරාජ්‍යයාට වූ මනා හෙල වෙදකම ඔහු විසින් රචිත ග‍්‍රන්ථ වලින් ගම්‍ය වේ.

1. අක‍්‍ර ශාස්ත‍්‍ර

2. නාඩි ප‍්‍රකාශ

3. අර්ථ ප‍්‍රකාශ

4. කුමාර තන්ත‍්‍ර

5. රස රත්නසාකාරය

6. උඞ්ඩිශ චිකිත්සාව

7. ඔඞ්ඩිස චිකිත්සාව

8. වටිකා ප‍්‍රකාරණය

9. අග්නි තන්ත‍්‍ර

10. අග්නි මාලා

1. කුමාර තන්ත‍්‍ර

බිළිදුන්ට හැදෙන රෝග වර්ග , හදුනා ගැනීම, හා ප‍්‍රතිකාර කිරීම.මෙම ග‍්‍රන්ථයේ සඳහන්ෙවි. ලදරුවන්ගේ රුධිරය පිරිසිදු කර ශක්තිමත් කිරීමෙන් ප‍්‍රතිශක්තීකරණය දියුණු කිරීම සඳහන් ෙවි.කුඩා ළදරුවන්ට ෙඖෂධ මව හරහා දීමත් , එකම රෝගයකට විවිධ වර්ගයේ ෙඖෂධ වර්ග පිළිබඳ සඳහන් ෙවි.මෙම ප‍්‍රතිකාරයට ජෝ‍යතිශයත් යොදා ගනි.ලමා කාලයේ මානසික හා කායික වර්ධනය අතර සමතුලිතතාවයක් තබා ගත යුතු විදිය විස්තර කෙරේ.

2. උඩිඞීස තන්ත‍්‍ර

යන්ත‍්‍ර,මන්ත‍්‍ර,කෙමි ක‍්‍රම හා විවිධ ගුප්ත විද්‍යා ක‍්‍රම යොදා රෝගියා මෝහනය කර ඇත.මෙම ක‍්‍රමය යුධ උපක‍්‍රමයක් ලෙසත් යොදා ගත හැක.ආයුරුෙවිදය සටන් කලාව අතර සමිබන්ධය මෙම ග‍්‍රන්ථයේ සටහන් කර ඇත.

3. අර්ක ප‍්‍රකාශ

ශාක සාරය නිශ්පාදනය මෙම ග‍්‍රන්ථයේ මූලික විෂය ෙවි.එක් එක් ප‍්‍රදේශ වල දේශ ගුණික තත්ව නිසා ශාකසාර ගබඩා කර ගැනීම අත්‍යාවශය කාරණයක් විය.ශාක සාරය ජලය සමඟ ම්ශ‍්‍ර කර පැසෙන්නට හැර වාෂ්පීකරණයට ලක් කර පෙරා අරිෂ්ඨ ආසාව තනා ගන්නේය.මෙම ග‍්‍රන්ථය දදෙනෙක් අතර වන සංවාදයක් ලෙස ග‍්‍රන්ථ කර ඇත.මෙම ක‍්‍රියාවලියට අවශ්‍ය යන්ත‍්‍ර තැනීම , ෙඖෂධ එක් කිරීම , ගුණ , වැන්නක් සඳහන් කර ඇත.රාම රාවණ යුද්ධයෙන් පසු මෙම තාක්‍ෂණය ඉන්දියාවට ගෙන ගිය බව සඳහන් ෙවි.

4. නාඩි ප‍්‍රකාශ

හද ගැස්ම ස්පර්ශ කරම්න් රෝග පිළිබඳ සොයා ගන්නා ආකාරය මෙහි සඳහන් ෙවි.නාඩි ස්පර්ශයෙන් වා පිත් , සෙමි කොපයෙන් සිදු වන රෝග පිළිබඳ සොයා ගත හැක. රාවණ මහා රජුගේ මුත්තා ව පුලතිස මහා සෘෂි විසින් ශරීරය තුල වා , පිත් , සෙමි තුන් දොසින් වන හානි සොයාගත් බව ”සූශ‍්‍රැත”ආයුරුෙවිද ග‍්‍රන්ථයේ සඳහන් ෙවි.

5. මර්ම විඥාණ

මෙම ග‍්‍රන්ථයේ ශරීරයේ නිල තිබෙන ස්ථාන හා එම නිල වල ශක්තිය හා දුර්වලතාවය සඳහන් කර ඇත.ශරීරයේ මර්ම ස්ථාන (නිල – චරුිිමරු චදසබඑි ) ම්රීකීම හා කමිපනයෙන් රුධිර ගමනිගමන වැඩි කිරීම හා ස්නායු උත්තේජනය කළ හැක.රෝගී තත්වයකට ෙඖෂධ කිරීෙමිදි මෙම ක‍්‍රමය උපයෝගී කරගෙන ශරීරය බල ගැන්වීම (රුධිර වහනය වැඩි කිරීම) හා ශරීරය දුර්වල කිරීම (ඉරි වැටිටීම) කළ හැකිය. පුරාණ ශෛල්‍ය කර්ම වලදී මෙම ක‍්‍රම යොදා නිර්වින්දනය කිරීම කර ඇත.ච්නයේ ”ඇක්්‍යුපන්චර්” ක‍්‍රමය මෙයට බෙහවින් සමාන අතර පාහියන් භික්‍ෂුව මෙම ක‍්‍රමය ච්නයට ව්‍යප්ත කළ බවට ඇති මතය වැරදිය.එම භික්‍ෂුවට ප‍්‍රථම ”ඇක්්‍යුපන්චර්” හෙවක් ච්න කටු ච්කිත්සකය ච්නයෙහි ව්‍යප්තව තිබුණි. මෙම නිල ක‍්‍රමය සටන් ක‍්‍රම වලදී පවා තම ප‍්‍රතිවාදියා මෙල්ල කිරීමට යොදා ගතතේය.

6. විධි වෛද්‍යක

වෛද්‍ය වරුන්ගේ චර්යාව , ගති පැවතුමි , සිතුමි පැතුමි පිළිබඳව , මෙම ග‍්‍රන්ථයේ සඳහන් ෙවි.එකළ වෛද්‍ය ක‍්‍රම අනුව රෝගියාට ප‍්‍රතිකාර කරන වෛද්‍ය තුමාත් සුවිශේෂි විය යුතුය.ගුරුවරයා මෙම වෘත්තීයට සුදුසු ගති පැවතුමි ඇති ගෝලයන් තොරා වෛද්‍ය ශ‍්‍රස්ත‍්‍රය ලබා දිය යුතු බව සඳහන් ෙවි.ගෝලයා වෛද්‍යවරයෙක් වූවිට ගුරුගෙන් ලැබුණු අධ්‍යාපනයත් , තමන් විසින් සොයා ගන්නා ලද , දියුණු කරන ලද ඥානයත් දෙකම උපයෝගි කොට ගෙන වෛද්‍ය ශාස්ත‍්‍රයට සේවයක් කරනු ඇත.

රාවණා රජු සමය හෙළ වෛද්‍ය විද්‍යාෙවි ස්වර්ණමය යුගය ෙවි.තම මුත්තා වන පුලතිසි මහා සෘෂීගෙන් ලැබූ ආභාෂයට අමතරව තමා විසින් පරීක්‍ෂණ කර සොයා ගත් ක‍්‍රම ෙවිද විශාල ප‍්‍රමාණයක් මෙම ග‍්‍රන්ථ වල අඩංගු විය.වර්තමානය මෙන් විශේෂඥ වෛද්‍ය වරුන් මෙන් නොව සෑම වර්ගයකම රෝගයක් සුව කිරීමට එතුමාට හැකි විය.ආයු වර්ධනය එකළ තිබූ ප‍්‍රධාන උත්සහයයි. තම ඥානයෙන් ඉහල තල වලට යෑමට වූ එකම භාදකය වූයේ ආයුෂය.එම නිසා ආයු වර්ධන ක‍්‍රම ලෙෂ වෙදකම ,භාවනා හා යෝග ක‍්‍රම යොදා ගත්තේය.

ආයුර්වේදයේ විකාශණය යුග සතරක සිදු වූවකි. එහි පෞරාණිකත්වය මානව ඉතිහාසය තෙක් පවතී. ධම_ හා ශාසත‍්‍ර ලෙස මානව විකාශණය වූ අතර ධර්මය ආධ්‍යාත්මික උන්නතියට ද ශාසත‍්‍රය මානව සමාජයේ ලෞකික උන්නතියට ද බලපායි. ආයුර්වේදයේ දෙවන ගණයට වැටුනේ සත්වයාගේ සුවය උදෙසා කැපවූ නිසාය.මානව ඉතිහාසයේ පළමු රෝග වූයේ,

1. ඉච්ඡුා

2. අනසන

3. ජරා

මෙම රෝග වල වැඩි මෙන් ආයුර්වේදයේ හටගැනීම සිදු විය. බටහිර වෛද්‍ය ක‍්‍රමය පෙරදිග ක‍්‍රමයට වඩා වෙනස් කම් පෙන්වයි. පෙරදිග වෛද්‍ය ක‍්‍රමයේ වෛද්‍යවරයා කල් යත්ම වටිනාකමින්, කෘතහස්තයෙන් මහ`ගු වේ. ඖෂධ වට්ටෝරු කල්යත්ම වටිනාකමින් අනූන වේ. අපරදිග වෙදකමේ කල් යත්ම වෛද්‍යවරයා හා වෛද්‍ය වට්ටෝරු ගුණාත්මක බවින් අඩු වේ. දේවසෘෂි, බ‍්‍රහ්මසෘෂි හා රාජසෘෂි යන තුන් ගණයට අයත් මහා සෘෂි වරු ආයුර්වේදය කොටස් 8 කට බෙදා ඇත.

1. කාය චිකිත්සා

2. ශල්‍ය චිකිත්සා

3. ශාලාක්‍ය චිකිත්සා

4. කෞමාරභෘත්‍ය

5. අගද තන්ත‍්‍ර

6. භූත විද්‍යා

7. රසායිනික

8. වාජිකරණ

නූතන බටහිර වෛද්‍ය ක‍්‍රමය අනූව ශල්‍ය චිකිත්සා හා ශාලක්‍ය චිකිත්සාව හො`ද මට්ටමක පවතී. එහෙත් ඉතිරි අංග 6 ආයුර්වේදයේ උසස් තැනක් ගනී. අපරදිග වෛද්‍ය ක‍්‍රමයේ ලියැවුණු බෙහෙත් වට්ටෝරු කල් යත්ම යල් පැනගිය ක‍්‍රම ලෙස ඉවත ලන අතර පෙරදිග ග‍්‍රන්ථ වර්ෂ දහස් ගණනක් වටිනාකමින් වැඩි වේ. මෙය ආයුර්වේදයේ අනර්ඝත්වයේ ලක්‍ෂණයකි.

පුරාණ අටුවාවට අනූව කාය චිකිත්සාව නිර්මාතෘ අංගීරස නැමති රාජ සෘෂිය. මිසරයේ නයිල් නදියේ සිට තම්බපණ්ණිය තෙක් විහිදී සිටි ආචාර්්‍යවරුන් මෙම විද්‍යාවට අනුපමේය සේවාවක් සිදු කලේය. එම විද්‍යාව අලලා ලියූ පත පොත අශ්විනි පුත‍්‍ර, මනෝරාම, කාශිරාජ, දිවොදාස, නකුල, ජාකයොගි, සහදේව, සංබී, යමරාජ, ජාබලී, ජාජලී හා කොපි නැමිත මහා සෘෂි ලිවේය. ප‍්‍රධාන ලෙස ධාන්‍ධවනතරී, භාරද්වාජ හා ආත්‍රෙය ලියූ පොත් තවමත් පැවතේ. මෙම මහ`ගු ශාස්ත‍්‍රය ගුරුකුලය විසින් ආරක්‍ෂාකොට, පෝෂණය කොට පවත්වාගෙන ගිය අතර ශිෂ්‍ය පරපුරටද ලබාදුනි. බ‍්‍රහ්ම පරපුර පමණක් නොව ක්‍ෂතීයයෝද මෙයට අයත් වේ. උදාහරණයකට රාවණ මහාධිරාජ්‍යයා හා බුද්ධදාස මහ රජතුමා දැක්විය හැක. බුද්ධදාස රජ සමයේ සෑම ගම් 16 කටම එක් වෛද්‍යවරයෙක් හා වෙද හලක් පිහිටවීය. කුඹුරු බද්දෙන් විස්සෙන් කොටසක් වෙදුන් හට බත් වැටුප් හරහා ලබාදුනි. ”සාරථී සංග‍්‍රහය” නැමති වෙද පොත කරවීය. ප‍්‍රාග් ඓතිහාසික යුගයේ රාවණ රජතුමාට වැදගත් ස්ථානයක් හිමි වේ. භාරතයේ පමණක් නොව අන්‍ය කලාප වලත් එතුමාගේ ශ‍්‍රී නාමය පැතිර පවතී. සංස්කෘත, වංග, හින්දි, ගුජරාටි, මරාටි වැනි භාරතීය භාෂා වලින් පවා එතුමා පිළිබ`දව ස`දහන් වේ. ඉන්දියාවේ බිහාර් වල ප‍්‍රාන්තයක ”වෛද්‍යනාථ ධම_” ලෙස ස`දහන් පුණ්‍ය ස්ථානයක් වේ. මෙය රාවණ රජුගේ පුණ්‍ය භූමියක් ලෙස ස`දහන්ය. අදත් ”දුසේර” පවත්වා රාවණ අධිරාජ්‍යයා විසින් රචිත පොත පත භාවිතා කරති. යන්ත‍්‍ර, තන්ත‍්‍ර හා මන්ත‍්‍ර බලයෙන් කෙල පැමිණි රාවණ රජතුමා පුලතිසි සෘෂි ගෙන ගිය වෛද්‍ය පද්ධතිය 100 ගුණයකින් දියුණු කලේය. අධිබලැති යුද්ධයෙන් දශ දේශාධිපත්‍ය පිරිහී ගිය විට විභීෂණට රට පවරා යෝගාශ‍්‍රමයට වැඩි බව පවසයි. එතුමා විසින් රචිත ග‍්‍රන්ථ මහා සෘෂි රාවණ කල බව ස`දහන් වේ.

අක_ප‍්‍රකාශය ඖෂධ යන්ත‍්‍රනුසාරයෙන් පෙරාගෙන වාෂ්ප කොට එක්රැුස් කර ගන්නා ක‍්‍රමය ස`දහන් වේ. බටහිර වෛද්‍ය ක‍්‍රම වල ස`දහන් තාක්‍ෂණීක ක‍්‍රම බොහොමයක් මෙහි ස`දහන් වේ. නා නා විධ රෝගයන්ට කල යුතු අක_යන් ඇතුලත් ශ්ලෝක 1000ක් මෙහි ඇතුලත්ය. තම මෙහෙසිය වන මන්දෝදරීට සංවාද මුඛයෙන් කී ආකාරයට මෙහි ස`දහන් වේ. මෙසේ විකාශණය වූ ග‍්‍රන්ථ බුද්ධ කාලයේ ගාන්ධර්ව දේශයේ තක්‍ෂිලාව දක්වා ව්‍යාප්ත වී ඇති අතර තක්‍ෂිලා මහා විද්‍යා පීඨයේ අධිපති ”ආත්‍රෙය” නැමති ආචාර්්‍ය වරයා ප‍්‍රගුණ කලේය. බිම්බිසාර රජුගේ හදාගත් ”ජීවක කෝමාරභච්ච” නැමති කුමරු ඔහු යටතේ ඉගෙන ගත්තේය. ජීවක අධ්‍යාපනය නිම වී දත් දේ ප‍්‍රගුණ කොට අභ්‍යන්තර ශරීර ගත රෝගයන් සොයා ගන්නා ක‍්‍රම පවා හ`දුනා ගත්තේය. මෙය සව_සතිවාදී නිකායට අයත් විනය වසතු නැමති ග‍්‍රන්ථයේ වේ. ඔහු බුදු සමයේ බුදුන් ඇතුලූ සංඝයා වහන්සේට උපස්ථාන කරමින් විශාල සේවයක් සිදු කලේය.

රාවණ රජු විසින් ලියන ලද කුමාර තන්ත‍්‍රය බාල දෝෂ විග‍්‍රහ කරන ග‍්‍රන්ථයකි. අංග 8න් යුතු කෞමාරහෘත්‍යය (කුමාර තන්ත‍්‍රය) එකකි. ශ්ලෝක 160 කින් සියලූ රෝග හ`දුන්වා දෙන අතර බාල චිකිත්සාව පිළිබ`ද දත යුතු කරුණු වේ. මෙම ග‍්‍රන්ථයේ දරුවා ඉපිද වසර 12 ඉක්මවා යන තෙක් නියමිත කාලය තුල දරුවාට වැළෙ`දන නන්‍දතා, සනන්‍දතා, පූතනා, මුඛමණසිකා, කටපූතනා, සකත‍්‍රිකා, නෛර්යතා, පිලි පිචඡුතා, කාමුකා නැමති මාතෘකාවන් හෙවත් යක්‍ෂනියන් 12 දෙනෙකුගේ නාමද ඒ කාලය තුල ළමයාට ඇති වන රෝග හා රෝග ලක්‍ෂණද එයිල් ළමයා මුදවා ගැනීමට කලමනා පිළියම්, ආගමික වත් පිළිවෙත් හා මන්ත‍්‍ර ද පැහැදිළි කරයි. මවු කිරි දුෂණය වීමෙන් දරුවන්ට වැළෙ`දන රෝග හා ලක්‍ෂණ පිළිබ`ද වට්ටෝරු ද, බෙහෙත් පිළියම් ද ඇත.

රාවණ අධිරාජ්‍යයා විසින් ”ග‍්‍රහාබධ” නමින් රෝග විශේෂයක් ද හ`දුන්වා දුනි. පොලෝ තලයේ වෙසෙන මනුෂ්‍යත්වයට ළදරු කාලයේ ආවිෂට වන ග‍්‍රහ දේවතාවෝ 12 ක් වෙති. ඔවුන්ගේ 5 දෙනෙක් පුරුෂ රූපත්, 7 දෙනෙක් ස්ත‍්‍රී රුපත් වෙති. ස්කන්‍ද, විශාඛ, මේෂ, ශ්ව, පිතෘ යන රෝග කාරක ග‍්‍රහයෝ පුරුෂ වේෂ දරති. ශකුනි, පූතනා, ශිතපූතනා, ද්‍යුෂ්ටිපූතනා, මුඛමණ්ඩලිකා, රේවතී, ශුෂ්ක රේවතී ස්ත‍්‍රී ග‍්‍රහයෝ වෙති. සුශ‍්‍රැත සංහීතා වැනි ඇතැම් වෛද්‍ය ග‍්‍රන්ථ වල රෝග කාරක 9කි. පුරාණ සෘෂි වරුන් බාලයන්ට වැළෙ`දන දෝශ ලෙස විශේෂ අවධානය යොමු කළේය. විොශ්ෂයෙන් දරුවන් වැදු මව් වරුන් අපථ්‍යසෙවනයක් කිරි මව්වරුන්ගේ අපථ්‍ය සෙවනයක් නිසා ග‍්‍රහ රෝග බාලයන්ට වැළෙ`දන බව ආයුර්වේදයේ ඉගැන්වේ. නවීන විද්‍යාව අනූව බලන කල මෙම රෝග වර්ග ප‍්‍රත්‍යක්‍ෂ වී ඇත. ලොව කිසිම වෛද්‍ය ග‍්‍රන්ථයක නැති විස්තර ඇතුලත් මෙම ග‍්‍රන්ථය මගින් රාවණ නිරි`දු කුඩා ළමුන් ගැන සිදු කල අධ්‍යයනය මොනවට පැහැදිළි වේ.

නාඩි ශාස්ත‍්‍රයත් ප‍්‍රගුණ කල රාවණ රජු පුලතිසි සෘෂි ගෙන් එම ශාස්ත‍්‍රය උගත්තේය. එම සෘෂි තුමා ”රාවණ කෘත නාඩි ලක්‍ෂණ” නම් කෘතියක් රචනා කලේය. එම ග‍්‍රන්ථය අභාවයට ගොස් ඇත. නමුත් මුඛ පරම්පරාවෙන් එම ශාස්ත‍්‍රය පැවත ඇත. කඩුවෙල යක්දෙහිකන්දගේ ජිනසේන කොස්තා සාම විනිසුරු මහතා මෙම ශාස්ත‍්‍රය මනාව ප‍්‍රගුණ කර ඇත. දැනට වයස 95ක් වන එතුමා නාඩි ශාස්ත‍්‍රය උපයෝගී කරගෙන රෝග විනිශ්චය කරන්නේය. එතුමාට අනූව වාත, පිත්ත, හා ක`ථ යනුවෙන් නාඩි වර්ග 3 කි. වාතය කෝප වීමෙන් රෝග 80 ක්ද, පිත්ත කෝපයෙන් රෝග 40 ක්ද, සෙම් කෝපයෙන් ලෙඩ රෝග 20 ක්ද ඇති වේ. මෙම තිදෝෂ කේපය නිසා සෑදෙන රෝග 140ක් ස`දහන් වන්නේය. නාඩි ශාස්ත‍්‍රය උපයෝගී කර ගෙන බටහිර උපකරණ අභිබවා ලෙඩ හ`දුනාගැනීමට හැකි වීම මෙම ශාස්ත‍්‍රය මගින් සිදු කල ආශ්චර්්‍යයකි.

පුරාණයේ හෙලයෝ තම ආහාර වේල මනා සමබරතාවයකින් පවත්වා ගත්තේය. මෙම සෑම ආහාරයක්ම ෂඞ් රසයෙන් අනූන විය. එනම් අම්ල, ලවණ, මධුර, කටුක, තිත්තය.

හෙල වේදකමේ ප‍්‍රධාන අංගයක් ලෙස අලූ අනුපාතය හැදින්වේ. එනම් වෙද මහතා අවට පරිසරයෙන් බෙහෙත් වර්ග සොයා අමුවෙන් සාදා ගන්නා බෙහෙත්ය.

ෙසෙල චිකිත්සාව

රාවණ සමයේ ෙසෙල චිකිත්සාවට මුල් තැනක් විය. මිනිස් සිරුරේ අස්ථි දියවීම හෝ අස්ථි බිදීම වැනි අවස්ථා වලදී බටහිර වෛද්‍ය ක‍්‍රමයට අනුව කැල්සියම් අධික බෙහෙත් දීමත් ප්ලාස්ටර් දමා නොසොල්වා තැබිමත් කළේය. නමුත් හෙල වෙදකමට අනුව අස්ථි බද්ධ කිරීම පවා ප‍්‍රගුණ කර තිබුණි. එළුවා මුගටියා වදුරා හා තලගොයා වැනි සතුන්ගේ අස්ථි බන්ධනයට යොදා ගත්තේය. එයට අමතරව සූරිය, මාදං, කැටකාල, බැලතණ, හැකිරිමිල්ල, යන හෙල ඖෂධ යොදා ගනී. මෙම ෙසෙල කර්මයට අවශ්‍ය උපකරණ ලෙස සූචි සූත‍්‍ර එෂණි ශාලක ලෙස නම් වේ.

රාවණ සමයේ සිට හෙල වෙදකම ආරක්‍ෂා කරමින් රිටිගල මුලකරගෙන පැවති පරපුරකී. හොරිවිල වෙද පරපුර (වායිකුජ මන්ඨක පදියාන) එම පරපුර අස්ථි බන්ධන විද්‍යාව ආරක්‍ෂා කරමින් වර්තමානයේ රටට ජාතියට සේවයක් කරයි. එකල සිට අස්ථි හා කිරීමට උඩුතොල් පිඹීම වැනි ක‍්‍රම යොදා බලගතු තෙල් වර්ග සම මතුපිට යොදා ගනී.

error: මෙය හෙළවෙදරාළ පුද්ගලික සමාගම සතු දේපලකි!!