දුරකථන අංක : 0115248707 |  0115945750 ෆැක්ස් : 0115942300

HIV නොහොත් ඒඩ්ස් අර්බුදය අද ලොව ගිලගෙන ඇතත් ශ්‍රී ලංකාව මෙම උවදුරින් තවමත් මදක් බැහැරව ඇති බවක් පෙනුනත් එච් අයි වී වෛරසයට ගොදුරුවූවන් අප හිතනවාට වඩා ප්‍රමාණයක් මෙම කුඩා මුතු ඇටය බදු රටෙහි සිටීමට බැරිකමක් නැත. වසංගතයක් සේ පැතිරයන ඒඩ්ස් උවදුර ජය ගැනීමටනම් අප තරුණ පරම්පරාව ලිංගිකත්වය සහ මෙම වසංගතය සම්බන්ධයෙන් මනාව දැනුවත් කල යුතුය. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රි ලංකාවේ රජයත් නොයෙකුත් ආයතනත් කෙතරම් උත්සාහ කලද මෙතෙක් ඒඩ්ස් වසංගතය පැතිරයාම ඒ ආකාරයෙන්ම සිදුවීම පුදුමයකි. හෙළ වෙදරාළ වෙබ් අඩවියට අනුබද්ධිත හෙළ ජන සවිය රාජ්‍ය නොවන සංවිධානය කටයුතු කරනු ලබන්නේ මෙම විනාශකාරී රෝගයෙන් තරුණ පරපුර දැනුවත් කර වහ වහා මුදාගැනීමටයි.

 

එබැවින් අප සමග එක්වී ස්වේච්ඡාවෙන් ඉදිරියේදී කටයුතු කිරීමට ඔබටද ආරාධනා කරන අතර ප්‍රෙද්ශයෙන් ප්‍රෙද්ශයට මෙම රෝගය සම්බන්ධයෙන් වැඩමුලු පවත්වමින් ජනතාව දැනුවත් කිරීමටත් රෝගීන් සිටීනම් අවශ්‍ය නිසි ප්‍රතිකාර සදහා යොමුකිරීමටත් හෙළ ජන සවිය ආයතනය දිවා රෑ නොබලා කටයුතු කිරීමට බලාපොරොත්තු වන අතර මෙම වැඩපිලිවෙල සාර්ථක කරගැනීමට ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමු. මේ සදහා සම්බන්ධවීමට info@helawedarala.lk හෝ අපගේ දුරකථන අංකය වන 011 5248707 දුරකථන අංකයට ඇමතීමට කටයුතු කරන මෙන් ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ඒඩ්ස් තුරන් වූ ශ්‍රි ලංකාවකට අප අද සිට පා තබමු.

error: මෙය හෙළවෙදරාළ පුද්ගලික සමාගම සතු දේපලකි!!