දුරකථන අංක : 0115248707 |  0115945750 ෆැක්ස් : 0115942300

හෙළ වෙදරාල ඇසින්..

ශ්‍රි ලංකාවේ සංස්කෘතියට අනුව සමාජ රෝග යැයි ඇසූ පමණින් යමකු කලබල වීමට පුලුවන. එහෙත් රෝගයක් යනු පුද්ගලයෙකු අපහසුතාවයට පත්කිරීම සදහා ශිෂ්ඨ සමාජයෙහි යොදා නොගන්නා මූලදර්මයකි. ප්‍රසිද්ධ ප්‍රංශ ලේකකයෙකු වූ ගීත මෝපශාන් මහතාටද ගොනෝරියා රෝගය වැලදී තිබූ බව කියවේ. පසු කලක ඔහු විසින් ලියන ලද බොහෝ කෘති වල සමාජ රෝග පිලිබද නොයෙකුත් කතන්දර ගලා ඒමට පටන්ගත්තේ ලේකකයාගේ ඒ හා බැදුනු අත්දැකිම් නිසාවෙනි. එහෙත් ශ්‍රි ලාංකික සමාජයේ ඒඩ්ස් වලට වඩා බියක් සමාජ රෝග කෙරෙහි ඇති බව පෙනේ. බොහෝ භයානක සමාජ රෝග මුල් කාලයේ හදුනාගැනීමට පවා අපහසු වන අතර ඇස් අන්ධකිරීම් ඔත්පල වීම් වේදනාකාරී අත්දැකීම් විශාල වශයෙන් හටගන්නා ඉන්නන් සැරව බිබිලි ලිංගාස්ශ්‍රිත ආසාධන වැනි බොහෝ පැතිවලට බෙදී යයි. ඇලපති වෛද්‍ය ක්‍රමයේ පෙන්සලින් උපයෝගී කරගෙන ඒ සදහා කෙරන ප්‍රතිකාර 100{faae61cb2d9527a5747113b68c2943ed936b6d1825de4407bb1257f41e7c7b1a}ක් සාර්ථක යැයි කිවිය නොහැක. පසුකලෙක නැවත නැවතත් සමාජ රෝගවල වර්ධනය පෙන්නුම් කරන බැවින් ඉංග්‍රිසි බෙහෙතට වඩා සාර්ථක ක්‍රමවේදයක් සොයාගත යුතුව ඇත. හර්මියෝපති වෙදකම හෝ යුනානි වෛද්‍ය ක්‍රමයද ආයුර්වේදයද සමාජ රෝග සදහා නිසි ප්‍රතිකර්ම පිලිබද සමත්කම් නොදක්වයි.

පෙර රජ දවස රාජ අන්තප්පුර සදහා සමාජ රෝග වැලැක්වීමට යොදාගත් ඉමහත් රහස් බෙහෙත් වට්ටෝරු හෙල රස වෙදකම සතුව පවතී. එය කෙතරම් සාර්ථකද යත් ගොනොරියා සිපිලිස් වැනි සමාජ රෝග දින 7කින් සාර්ථකව සුවකර ගැනීමට හෙළ වෙදකම සමත්කම් දක්වයි. එක් කලෙක හෙළ රාජ වංශයේ අනුලා රැජිනට ගොනෝරියා රෝගයට සමාන රෝගයක් වැලදී තිබූ බව ඉතිහාසය ශාක්ෂි දරයි. රැජින ඉතාමත් වේදනාව සිටි අවස්ථාවක හෙල වෙදුන් විසින් එම රෝගය සුවකල බව කිවේ එම වට්ටෝරු වලට සමාන රහස් වට්ටෝරු සහිත වෛද්‍ය ක්‍රමයක් හෙළ වෙදරාල අප වෙබ් අඩවිය සතුවද ඇති බැවින් ඔබ හෝ හිතවතකු යම් සමාජ රෝගී අපහසුතාවයට පත්වී ඇත්නම් කාරුණිකව අප අමතන මෙන් ඉතා සුහදව ඉල්ලා සිටිමු.

සමාජ රෝග සමනයට දේශීය වෙදකම

දේශීය වෙදකමෙන් සුව කළ නොහැකි රෝගයක්‌ මේ යෑයි නම් කළ නොහැක. එසේ නම් මිනිස්‌ සිරුරට වැළඳෙන සියලු රෝග නිවාරණයට දේශීය වෙදකමේ ප්‍රතිකාර ඇතැයි යන අදහස එයින් ගම්‍ය වේ. ඇතැම් අවස්‌ථාවකදී බටහිර වෛද්‍ය විද්‍යාවේදී මේ මතයට කෙසේ පිළිතුරු සැපයුවත් එය සිංහල වෙදකමට අවැඩක්‌ නොවන්නේම ය.

සන්ධි වාත රෝග හෙවත් ආතරයිටිස්‌ රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාවේදී ප්‍රතිකර්ම නැතැයි බොහෝ වෛද්‍යවරු පවසති. එහෙත් දේශීය වෙදකමේදී කෙරෙන ප්‍රතිකාර කිසිදිනෙක වැරදුනේ නැත.

වේදනා නාශක දීමෙන් තාවකාලික සුවයක්‌ හන්දිවාත රෝගයට ලබා දීමට උත්සාහ ගන්නා වෛද්‍යවරයාට අභියෝග කරමින් දේශීය වෙදැදුරු එය මුලිනුපුටා දමන්නට කටයුතු කරන්නේ ඉසිවරයකු පරිද්දෙනි.

මේ සමාජයේ සිටින මෙවැනි රෝගීන් සුව කළ නොහැකි යෑයි හුදෙකලා වෙද්දී අප ඕනෑතරම් මෙම ලිපි හරහා වෙදැදුරුවරු හඳුන්වා දී ඇත. එය සනාථ කිරීමට සුව වූ රෝගීන්ගේ තොරතුරු ද අප සතුව තිබේ.

පසුගිය දිනෙක විදේශ රටක සිට ශ්‍රී ලාංකික තරුණයකු මට සතියකට වරක්‌ කතා කරමින් සමාජ රෝගයට ප්‍රතිකාර කළ හැකි දේශීය වෙදැදුරුවරයකු මුණගස්‌වන මෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියේය. නමුත් එයට මට නිසි පිළිතුරක්‌ සැපයීමට අපොහොසත් වීම නිසා එය දිනෙන් දින කල්ගත වුවත් තරුණයා දිගින් දිගටම කතා කරමින් කෙසේ හෝ වෙදැදුරුවරයකු සොයා දෙන මෙන් ඉල්ලා සිටියේය.

මේ තරුණයාගේ දුක්‌ ගැනවිල්ලට කෙසේ හෝ පිළිතුරක්‌ සැපයීමට අදිටන් කරගත් මා ඔබට වැළඳී ඇති සමාජ රෝගය කුමක්‌ දැයි ඇසීමි. ඊට පිළිතුරු සැපයීමට තරමක මැලිකමක්‌ දැක්‌වූ ඔහු රෝගය ප්‍රකාශ කරනවාට වඩා එය වැළඳීමට හේතු ප්‍රකාශ කළේය.

ඉදිරි අනාගතය සාරවත් කර ගැනීම සඳහා නොයෙකුත් බාධක මැද විදේශ රැකියාවකට ආවත්, දැනුණ පාළුව මකා ගැනීමට කාන්තාවක්‌ ඇසුරු කළ බවත් තවත් තරුණයන් කිහිපදෙනකුම එම කාන්තාව ඇසුරු කළ බවත්, ඒ තුළින් තමාටත් මෙම රෝගය වැළඳුණු බවත් අකමැත්තෙන් වුව ප්‍රකාශ කළේය.

ඔබ බටහිර ප්‍රතිකාරයක්‌ සඳහා එරට වෛද්‍යවරයකු හමුවූයේ නැත්දැයි මම ඔහුගෙන් ඇසීමි. එහෙත් කරන්නට තිබෙන සියලු ප්‍රතිකාර කළත් සුවයක්‌ නම් නොලැබූ හෙයින් ඊට සිංහල වෙදකමෙන්වත් පිහිටක්‌ අපේක්‍ෂාවෙන් මට කතා කළ බව ඔහු කීවේය.

දිගින් දිගටම මේ ඉල්ලීම කළ හෙයින් මම නිරන්තරයෙන් මේ පිළිබඳ අවධානයෙන් සිටියදී අහම්බෙන් මෙන් හෙළ වෙදදුරුවරයකු සමාජ රෝග සඳහා ප්‍රතිකාර කරනවා යෑයි මට දැන ගැනීමට ලැබිණි. මේ තොරතුරත් සමඟ වහා ක්‍රියාත්මක වූ මා නාරම්මල බෙම්මුල්ල ගෙදර සැවැන්දන සුව සෙවණට ගියේ එම වෙදැදුරුවරයාගේ තොරතුරු ලබා ගැනීමටය.

තම නිවසෙන් පිටස්‌තර සුවදායී පරිසරයක පිහිටුවා තිබූ මේ වෙද ගෙදරින් එවකට බොහෝ රෝගීන්ට ප්‍රතිකාර සලසා දෙන බව මට මුලින්ම ප්‍රදේශවාසීන්ගෙන් දැන ගන්නට ලැබිණි.

ඉතා නිහඬ ජීවිතයක්‌ ගත කරමින් ආගමානුකූල හා චාරිත්‍රානුකූල දැහැමි දිවියක්‌ ගත කරන මේ වෙදැදුරු නමින් වෙළගෙදරවත්ත ආරච්චිගේ එඩ්මන් වෙළගෙදර ය. සබරගමු වෙද පරම්පරාවට නෑකම් කියන ඔහු සර්වාංග රෝගවලට ප්‍රතිකාර කරන අතර තුර ගුප්ත විද්‍යාවෙන් වැඩ ගැනීමට ඉතා දක්‍ෂයකු බව බොහෝ පිරිසක්‌ මට පැවසූහ. මේ අනුව ඔහු සමඟ සාකච්ඡාවකට පිවිසෙමින් ඔබ සමාජ රෝගවලට ප්‍රතිකාර කරනවාදැයි මම පළමුවෙන් ම ප්‍රශ්නයක්‌ ඇසීමි.

සමාජ රෝගවලට විතරක්‌ නෙවෙයි වෙනත් රෝගවලටත් ප්‍රතිකාර කරනවා යෑයි මගේ ප්‍රශ්නයට පිළිතුරක්‌ සපයමින් ඔහු සිනහසුනේය.

නෑ මට පැහැදිලිවම දැන ගන්න ඕනකමක්‌ තියෙන්නේ ඔබ සමාජ රෝග පිළිබඳව ප්‍රතිකාර කරනවද කියල මම යළිත් ඇසීමි.

පැහැදිලිවම ඔව්. මම සමාජ රෝගවලට ප්‍රතිකාර කරනවා.

එතකොට මොනවද මේ සමාජ රෝග කියල පැහැදිලි කළොත්. මම තවත් ප්‍රශ්නයක්‌ ඇසීsමි.

මේ සමාජ රෝග අද ඊයෙක හැදුනු රෝගයක්‌ නෙවෙයි. එදා අන්තඃපුර තිබුණ කාලෙ ඉඳල මේ රෝග පැවත ගෙන එනවා. එහෙම නම් අද කාලෙ මේ ගැන කවර කතා ද?

මෙතෙන්දී මේ කාරණය ගැන පැහැදිලිව යමක්‌ කියනව නම් අපේ දේශීය වෙදකමේදී සමාජ රෝග ගැන පුළුල් විවරණයක්‌ නෑ. නමුත් පසු කාලීනව එම වෛද්‍ය මතත් සමඟ රෝග විවරණය අපේ අවධානයට යොමු වෙලා ඊට නිසි ප්‍රතිකාරයක්‌ සොයාගෙන තිබෙනවා.

මේ සමාජ රෝග ගැන කෙටි හැඳින්වීමක්‌ කළොත්…

සමාජ රෝග වර්ග

රැසක්‌ තිබෙනවා. සාමාන්‍යයෙන් ගණනක්‌ හැටියට කිව්වොත් 27 ක්‌ පමණ තියෙනවා. ඉනුත් හයක්‌ තමයි ප්‍රධාන වශයෙන් ගැනෙන්නේ. මේ හයට ඇතුළත් වෙන්නෙ.

(1) සුදු බින්දුව හෙවත් ගොනෝරියා

(2) උපදංශ නොහොත් සිපිලිස්‌

(3) ලිංගික හර්පිස්‌

(4) ලිංගික ඉන්නන්

(5) ක්‌ලැමීසියා

(6) සුදු බින්දුව හෙවත් මුත්‍රාශ ප්‍රදාහ

මේ සමාජ රෝග හය තමයි සමාජයේ බහුලව දකින්න ලැබෙන්නේ. මෙතනින් හර්පිස්‌ කියන සමාජ රෝගය ලිංගික හර්පිස්‌ සහ පැපොල දෙවැනි වරට හැදුනාම හට ගන්නා තත්ත්වයක්‌a කියල කොටස්‌ දෙකක්‌ තිබෙනවා.

මෙම රෝග හැදුනාම දැන ගන්නේ කොහොමද?

එකක්‌ තමයි මුත්‍රා දැවිල්ල. ලිංගයෙන් සැරව පිටවීම, ලිඟුව කැසීම, බිබිලි හට ගැනීම හා අධික වේදනාව මේ කාරණා ඇත්නම් ඔහුට හෝ ඇයට කිසියම් වූ සමාජ රෝගයක්‌ වැළඳී ඇති බව සැලකිල්ලට ගන්න ඕන.

මෙම රෝග වැළඳීමට හේතු කිව්වොත් මම තවත් ප්‍රශ්නයක්‌ ඇසීමි.

ගොඩක්‌ රෝග හැදෙන්නේ තුන්දොස්‌ කිපීමෙන් හෝ ඒ යටතේ ලිංගික හැසිරීම් වලින් පමණයි.

අනික තමයි රෝගියකුගේ රුධිරය ශරීරගතවීම, රුධිර සංසරණය (හුවමාරුවීම) තොල්, දිව ආදිය තුවාල වීමෙන් රෝගීන්ගේ තුවා, රෙදි ආදිය පරිහරණයෙන් හා විවිධ සිපගැනීම්වලින් මෙම රෝගය බෝවීමේ ප්‍රවණතාව වැඩි වෙනවා.

වෙළගෙදර වත්තේ වෙදැදුරු මේ සියල්ල කරන්නේ පරපුරේ ප්‍රතිකාර විධි සැලකිල්ලට ගෙන ය.

error: මෙය හෙළවෙදරාළ පුද්ගලික සමාගම සතු දේපලකි!!