දුරකථන අංක : 0115248707 |  0115945750 ෆැක්ස් : 0115942300

හෙළ වෙදරාල වෙබ් අඩවිය මගින්

ආතරයිටීස් හෙවත් සංධිවල ඇටමිදුලු දියවීමේ රෝගය ඇටමිදුලු වියලීමේ රෝගය ඇටමිදුලු ගෙවීමේ රෝගය දන්ස් වල දියර තැන්පත් වීමේ රෝගය වශයෙන් කොටස් ගණනාවකට බෙදේ. මේ සියලුම රෝග ඉතාමත් වේදනාකාරී ඒවා වන අතර ඇවිදගැනීමට ක්‍රමයට අපහසුවීමෙන් ඔත්පල වේ. මේ සදහා ප්‍රතිකාර කිරීමේදී හෘදයාබාධ ඇතිවීමටද ඉඩ ඇත. ආතරයිටීස් රෝගය උත්සන්න වූ රෝගියකු ඉමහත් වේදනාවන් විදිනු ලබයි. ඇලපති වෛද්‍ය ක්‍රමයේ මේ සදහා කිසිදු සාර්ථක ප්‍රතිකාරයක් නැත. යුනානි හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේද හර්මියෝපති වෛද්‍ය ක්‍රමයේද මේ සදහා සාර්ථක පිලියමක් නැතත් දේශීය හෙළ වෛද්‍ය ක්‍රමයේ දින කිහිපයකින් ආතරයිටීස් රෝගය සුව කරගත හැකි රහස් වෛදය වට්ටෝරු පවතී.

හෙළ වෛද්‍ය ක්‍රමයේදී ඉතාමත්ම සංවේදී ස්නායු තාවකාලිකව විසන්ධි කරන අතර ඉන්පසු ගල්වන ආලේපයකින් දිනයක් හෝ 2ක් ඇතුලත ඇටමිදුලු යථාතත්වයට පත්වීමට පටන් ගනී. මේ සදහා හෙළ ආයුර්වේද ක්‍රමයේ එක්තරා සත්වයකුගේ බෝන් මැරෝ කොටස් හා තෙල් යොදා සාදන ආලේපයකින් වසර 25ක් ඇවිදීමට නොහැකිව සිටින ආතරයිටීස් රෝගියකු වුවද දිනයක් හෝ 2ක් ඇතුලත සම්පූර්ණයෙන්ම සුවකරවා ඇවිදීමට සැලැස්විය හැක. මීට අමතරව කෙරෙන නිල ප්‍රතිකාරයකින් වේදනාව ක්ෂණිකව සමනය කරන අතර ආතරයිටීස් රෝගය තවදුරටත් ගැටලුවක් නොවන බව සලකන්න.

ඔබ හෝ හිතවතුන් ඤාතිමිත්‍ර ආධින් ආතරයිටීස් රෝගය නිසා පීඩාවිද ඇත්නම් ඉක්මනින් හෙළ වෙදරාල වෙත අමතන්න. ඔබගේ සුවය අපගේ සතුටයි.

කදරේ කුයිනාදම්, පංෙච්න්ද්‍රිය භාගා හතර හන්දි දැත් දෙපා අත්පා සන්ධි විසන්ධි මනුස්‌සා පූර්ණ භාගා ආබාධිතා පීඩා, කුදර් හෙ කයිනාදම් වේදනා,

නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව ආතරයිටීස්‌ පිළිබඳව සෘෂිවරු පවසා ඇත්තේ එලෙසිනි.

ඉන් පවසන්නේ කාන්තාවන් සහ පිරිමින්ට තම සිරුරේ නැවෙන හෝ සන්ධිවන ඕනෑම ස්‌ථානයක ඇතිවන ඉදිමුම් සහිත වේදනාව, සියුම් කැක්‌කුම, නැවීමේ දිග හැරීමේ අපහසුතාවය, හීන් හිරිගතිය, ආතරයිටිස්‌ රෝගය බවය.

නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව ආතරයිටීස්‌ රෝගය පෙනෙන නොපෙනෙන සෑම සන්ධියකම ඇතිවන වේදනාව ආතරයිටීස්‌ රෝගයේ ආරම්භය විය හැකිය.

මෙය ප්‍රධාන වශයෙන් ශීර්ෂය, උදර ප්‍රදේශය සහ බල නාඩි ප්‍රදේශය, පපු ප්‍රදේශය යන ශරීර කොටස්‌ හි මතුවේ.

හන්දිපත් රුදාව එහෙමත් නැතිනම් ආතරයිටීස්‌ රෝගය ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ අස්‌ථිවල ඇති මෘදු කොටස්‌වල ඇතිවන රෝගාබාධ, ඇට මිදුලුවල ඇතිවූ කම්පනයයි. ඒ අතරම බොහෝ දෙනා හන්දිපත් අමාරු සඳහා ප්‍රතිකාර ලෙස ආලේප ගල්වන වැරදි ක්‍රම තවන පොට්‌ටනි භාවිතා කිරීමේ නොදන්නාකම සහ නිසි ඖෂධ ගුණයක්‌ නැති ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ග පානය නිසාද හන්දිපත් රුදාව ඇතිවේ.

හන්දිපත් රුදාව කාන්තාවන්ට සහ පිරිමින්ට ඇතිවන වයස්‌ සීමාවක්‌ ඇත. එසේම ඊට බලපාන හේතු සාධකද බොහෝය.

හන්දිපත් රුදාව කාන්තාවන්ට

ගැහැනු ළමයකුට වයස අවුරුදු 08 සිට 24 දක්‌වා කාලය හෝමෝන ක්‍රියාකාරීත්වය වේගවත්ය. මෙම වේගවත් බව තුළ මතුවන අසමතුලිතතා නිසා ඇයගේ මාංශපේශී සහ සන්ධි ආශ්‍රිතව රෝගාබාධ මතුවේ. සන්ධි ඉදිමුම සහ වේදනාව මතුවේ.

මෙම හෝමෝන ක්‍රියාකාරිත්වයේ වේගවත් බව වෛද්‍ය විද්‍යාවේ හඳුන්වා ඇත්තේ කයිනාද මදන කුලප්පු, කයිනාද අස්‌ස කුලප්පු, කයිනාද යක්‌ෂ කුලප්පු සහ කයිනාද කාම කුලප්පු ලෙසිනි. මෙම ආතරයිටීස්‌ තත්ත්වය හෝමෝන සහ ලේ ධාතුව සමග මිශ්‍රවී පැමිණේ.

කාන්තාවක්‌ වයස 24සිට 36 දක්‌වා වූ වයසට පත්වන විට ඇයගේ ඉහත දැක්‌වූ වේගවත් බව අඩුවී යයි. එවිට ඇයගේ ශරීරය තරබාරු වීමට පටන් ගනී. නිතර නිතර තෙල් ආහාර වර්ග ගැනීමේ රුචිකත්වයක්‌ ඇතිවේ. වේලාව අවේලාව නොබලා මේද ආහාර ගැනීමේ කෑදර බවක්‌ මතුවේ. කාමාසාව වැඩිවේ. කෝපාවිශ්ට බව දැඩිවේ. මේවා පාලනයකින් තොරව ක්‍රියාකිරීම නිසා හන්දිපත්වල ඝන මේද පටක තැන්පත්වේ. එසේ වූ විට ඔවුනගේ හන්දිපත් ඉදිමුම, හන්දිපත් නැවීම දිග හැරීම අපහසුව සහ දැඩි වේදනාව මතුවේ.

හන්දිපත් රුදාව පිරිමින්ට

හන්දිපත් රුදාව පිරිමින්ට මතුවීම ආරම්භ වන්නේ වයස අවුeරුදු 16- 24 අතර වියේදීය. මෙම කාල පරාසය පිරිමියකුගේ වේගවත්ම ක්‍රියාකාරිත්වයක්‌ ඇති කාල පරාසය වේ. මේ සම්බන්ධව පාලි නිගන්ඩුව සහ රෝග නිගන්ඩුව යන පොත්වල දක්‌වා ඇති ආකාරය අනුව පුරුෂයන්ට හතරහන්දිවල තුනටිය, වැලමිට සහ බෙල්ලේ සුෂුම්නා කොටසේ විවිධාකාරයෙන් සියුම් වේදනාවන් හට ගනී.

වයස අවුරුදු 24-40 අතර වයසේදී පිරිමින්ගේ බෙලහීනතා මතුවීමට පටන් ගනී. එවිට තරුණ වයසේ මෙන් වේගවත් ක්‍රියාකාරිත්වයක්‌ ඇති නොවේ. එසේම මෙම කාලයේදී උඩු සිත සහ යටි සිත දැඩිවේ. මේවායේ ප්‍රතිඵල ලෙස ඔවුන්ගේ හෝමෝනවල ඇතිවන වෙනස්‌කම් සන්ධි ක්‍රියාකාරිත්වයටද බලපායි.

මේ අනුව අප කොයි කවුරුත් අවබෝධ කරගත යුත්තේ හන්දිපත් රුදාව එසේත් නැතිනම් බොහෝ දෙනා පවසන ආතරයිටීස්‌ රෝගය යනු සන්ධිවල ඇතිවන

ආබාධයක්‌ පමණක්‌ නොව පුද්ගලයකුගේ ශාරීරික මානසික ක්‍රියාකාරිත්වයේද වෙනස්‌වීම් පදනම් කරගෙන ඇතිවන රෝගාබාධයක්‌ බවය. එබැවින් හන්දිපත් රුදාවට ප්‍රතිකාර කළ යුත්තේ මේ සියලු රෝග පරීක්‍ෂා කිරීමෙන් පසුය. එසේ නැතිව පවතින වේදනාවට මතුපිටින් තෙල් බෙහෙත් ගල්වා තැවීම් සිදුකර හන්දිපත් රුදාව සුවකළ නොහැකිය.

error: මෙය හෙළවෙදරාළ පුද්ගලික සමාගම සතු දේපලකි!!