දුරකථන අංක : 0115248707 |  011 5 940 950 | 011 5 945 750 ෆැක්ස් : 0115942300

බගන්ධරා රෝගය ශරීරයේ ඕනෑම ස්ථානයක ඇතිවිය හැකි විශමතා සහිත භයානක අසනීප වලින් 1කි. හිසේ සිට දෙපතුල දක්වා ඕනෑම ස්තානයක බගන්ධරා ගෙඩි හටගත හැකි අතර පැසවීමෙන් පසු ඉතා වේදනාකාරී ස්වරූපයක් ගනී. කොස් ඇටයක් තරමක පමන ලොකුවන බගන්ධරා විෂ ගෙඩියකින් කුණු ලේ පැහැති සැරව ගලන අතර අධික දුගදක්ද වහනය වේ.මූල වාතය ඇති පුද්ගලයෙකුට බගන්ධරා ගෙඩි බඩවැල ඇතුලත හා ගුද මාර්ගය ඇතුලත හටගැනීමට හැකියාවක් ඇත. එවැනි තත්වයක් මතුවුවහොත් ඉතාම බරපතල ගැටලු සහගත තත්වයකට රෝගියාට මුහුන දීමට වේ.

හරිහැටි වැසිකිලි යාමේදී  මළපහ නොවීම නිසා ගුද මාර්ගය තුල වියලි බව හටගැනීමෙන් ඉතිරිවන මළපහ කොටස් වල කුඩා කුරුමිණියන් සහ පණුවන් ඇතිවීමට පටන්ගනී. ඉන්පසු බගන්ධරා ගෙඩි හටගැනීමේදී එම ගෙඩි වලින් ඇතිවන හිඩැස් හරහා මලපහ මෙන්ම කුරුමිණියන් සහ කෘමි සතුන්ද එම සිදුර ඇතිවන ස්ථානයෙන් එලියට ඒමට පටන්ගැනීම බරපතල තත්වයකි. එය කුරුමිණි බගන්ධරාව නම් වේ. එහෙත් ඇලුපති වෛද්‍ය ක්‍රමයේ මූලවාතය හා බගන්ධරා රෝගය සදහා නියමිත ප්‍රතිකාර ක්‍රම නැතත් සිංහල වෙදකමෙහි ඒ සදහා නියමිත ප්‍රතිකාර ක්‍රම ඇත. කෘතිම ආහාර අවම කිරීම නිතර පළතුරු වර්ග ආහාරයට ගැනීම නියමිත කළට පනුවන් සදහා බෙහෙත් බීම තුලින් මෙම රෝගය මගහරවා ගැනීමේ හැකියාවක් ඇත. ඔබ මෙම රෝගයෙන් පීඩා විදින්නේනම් කරුණාකර හෙලවෙදරාල. වෙබ් අඩවිය අමතන්න.

පිරිමි දරුවකු තරුණයකු බවට පත්වන විට ඔහුගේ කටහඬ සහ වචන උච්චාරණය ඉතා ප්‍රභලව පැවතිය යුතු බව සෘෂිවරුන් විසින් පවසා ඇත.

මෙලෙස ඔවුනගේ කටහඬ තියුණුවෙමින් තරුණයකු බවට පත්වීමේදී මුහුණේද බොහෝ වෙනස්‌කම් මතුවේ. යුවතියකගේ මුහුණ මලක්‌ මෙන් සුන්දර විය යුතු වුවත් තරුණයකුගේ මුහුණ ඒ තරම් අලංකාර විය යුතු නැත. නමුත් එම මුහුණ අන් අයට ප්‍රසන්න විය යුතු බව සෘෂිවරු පවසති.

නමුත් තරුණවියට පත්වන විට ඇතැම් පිරිමි දරුවන්ගේ මුහුණේ රත්පැහැති කුඩා බිබිලි හටගන්නට පටන් ගනී. ඒවා පොකුරු ලෙසද මතුවේ. මෙම බිබිලි කලක්‌ ගත වන විට මෝදුවී ඇවිත් කිරිපැහැති ශ්‍රාවයක්‌ පිටවන්නට පටන් ගනී. අධික කැසීමක්‌ ඇතිවේ. ටික දිනක්‌ යන විට ඒවා ඝනත්වයට පත්වේ. මෙම ඝනවූ බිබිලි ක්‍රම ක්‍රමයෙන් කළු පැහැවන්නට පටන් ගනී. සමහරු මේවා විසප්පු ගෙඩි ලෙස හෝ කුරුලෑ ලෙස හඳුන්වති. නමුත් මෙය නාඩි වෛද්‍ය විද්‍යාවේ දක්‌වා ඇත්තේ මුහුණේ ඇතිවූ බගන්ධරා ලෙසිනි. එසේත් නැත්නම් සියුම් ඉදිමුම්ය.

මෙම බගන්ධරා රෝගයට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ හෝමෝන ක්‍රියාකාරිත්වය සහ අපිරිසිදුකමය.

තරුණවියට පත්වන ඇතැම් පිරිමි දරුවෝ තමුන්ගේ ශරීරයේ පිරිසිදුතාවය ගැන එතරම් සැලකිල්ලක්‌ නොදක්‌වති. යට ඇඳුම් එකදිගට දින කිහිපයක්‌ සෝදා පවිත්‍ර නොකර භාවිතා කරති. මින් ඔවුන්ගේ සිරුරේ හටගන්නාවූ විෂබීජ සහ කුඩා පණුවර්ග මුහුණ කරාද ගමන් කිරීමෙන් මෙවැනි බගන්ධරා රෝග හට ගනී.

එනිසා තරුණ වියේදී තම මුහුණේ ඇතිවන කුඩා බිබිලි ආදිය කුරුලෑ ලෙස සිතා ඒ සඳහා පමණක්‌ ප්‍රතිකාර කළාට නිසි ප්‍රථිඵල ලබාගත නොහැකිය. හටගත් බිබිලිවල රෝග නිධානය සොයා දැනගත යුතුය. ඒ අනුව නිසි ප්‍රතිකාර ලබාදිය යුතුය.

දිනපතා උදේ සවස මුහුණ සහ ශරීරය මෘදු සබන් වර්ගයක්‌ භාවිතා කරමින් පිරිසිදු කරගත යුතුය. නමුත් සිරුර පිස දැමීමට භාවිතා කරන තුවාලය ද දින දෙකකට වරක්‌ හොඳින් සබන් හා සෝදා පවිත්‍ර කරගත යුතුය.

මුහුණ පිරිසිදු කිරීමේදී යුවතියන් පමණක්‌ නොව තරුණයින්ද පහත ඖෂධ වට්‌ටෝරුව දිනපතා උදේ සවස භාවිතා කිරීමෙන් මතුවිය හැකි බගන්ධරා රෝගවලින් මිදිය හැකිය.