දුරකථන අංක : 0115248707 |  011 5 940 950 | 011 5 945 750 ෆැක්ස් : 0115942300

හෙළ ජෝශ්‍ය හා ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය

එස්.පී. කුලාර් රේඩියෝ තරංග පිළිබඳ  හසල දැනුමක් ඇති ඉන්දියාවේ ඉපදුනු ශ්‍රේෂ්ඨ  විද්‍යාඥයකි. ඔහුගේ පියා ඉන්දියාවේ සුපතල ජ්‍යෝතීර්වේදියෙකි. එස්.පී. කුලාර් මහතාට කුඩා කල සිටම ජ්‍යෝතිශ්‍ය පිළිබඳ අභාශය ලැබුණු නිසාවෙන් ඔහුට ජ්‍යේතීශ්‍ය පිළිබඳවද මහා හසල දැනුමක් තිබුණු බව කිව යුතුය. දිනක් එස්.පී. කුලර් සමස්ථ ඉන්දීය ගුවන් විදුලියේ කෙටි තරංග සංඥා පද්ධතියක් නිරීක්ෂණය කරමින් සිටියේ එහි දෝෂයක් හදුනා ගැනීම පිණිසය. වරින් වර සම්ප්‍රේක්ෂණ යන්ත්‍රයෙන් නිකුත් වන සංඥා වලට බාධා පැමි‍ණෙමින් තිබුණි. දින කිහිපයක් මුළුල්ලේ වෙහෙසුනු කුලර් අවසානයේ සෙනසුරු ග්‍රහයාගෙන් නිකුත් වන විද්‍යුත් චුම්භක පංතියක් නිසාවෙන් කිලෝ හර්ඩ්ස් 31 ඔස්සේ විකාශය වූ සමස්ථ ඉන්දීය ගුවන් විදුලියේ දිගු දුර‍ රේඩියෝවට මෙසේ බාධා වන බව සොයා ගත්තේ එදා මෙදා තුර ඍෂිවරයින්ට ප්‍රවීන ජ්‍යෝතීර්වේදීන්ට සොයා ගත නොහැකි වූ රහසක් ද සමඟය.

තරංග පංතිය මැන බලූ කුලර් මහතා ඔහුගේ හසල ජ්‍යෝතීශ්‍ය දැනුමද උපයෝගී කරගෙන ග්‍රහ බලපෑම් පිළිබඳ පරික්ෂණ ආරම්භ කලේ මෙතැන් සිටය. නවීන නාසා ගගන අයනය සමඟ ග්‍රහයන්ගෙන් නිකුත්වන තරංග පංති සැසදූ කුලර් ඒවා පෘතුවියට පතිතවන කාලයද මැන ගත්තේ ඉතා සියුම්වය. අක්ශාංශ දේශාංශ උප උප න්‍යාය සමඟ සැසදූ එස්. කුලර් මහතා ලොවට නිවැරදිව අනාවැකි පැවසිය හැකි කාලාම්ස ජ්‍යෝතීශ්‍ය ක්‍රමය දායාද කලේ මෙතෙක් තිබූ අනෙකුත් සියලුම ජ්‍යෝතීශ්‍ය ක්‍රම බින්දුවට ඇදදමමිනි. පෘතුවිය මත ජීවත් වන මනුෂ්‍ය වර්ගයාගේ මොලයේ මස්ථිකයට ග්‍රහයන්ගෙන් නිකුත් වන මෙම තරංග පංතිවල බලපෑම ග්‍රහනය කර ගැනීමෙන් ඔවුන්ගේ චරිත අංග ලක්ෂන පවා වෙනස් වන බව කුලර් සොයා ගත්තේ පුදුම සහගත ලෙසිනි.

උදාහරණයක් ලෙස සෙනසුරු ග්‍රහයාගේ විද්‍යුත් චුම්භක තරංග පංති ප්‍රභලව පවතින අවස්ථාවක උපත ලබන දරුවෙකුට ඉන් දැඩි බලපෑම් ඇතිවන බවත් ඍෂිවරුන් එය ඒරාශ්ඨක ලෙස නිර්වචනය කර ඇති  බවත් න්‍යායාත්මකව කුලර් මහතා සොයා ගත්තේ වේද නාඩි ජ්‍යෝතීශ්‍ය සමඟ කාලාම්සය සංසන්දනය කිරීමෙනි. අපට ගසක ඇපල් ගෙඩියක් බිම වැටෙන ස්ථානය පහසුවෙන් නිරික්ෂණය කර පැවසිය හැකිය. එහෙත් යම් අවස්ථාවක එම ඇපල් ගෙඩිය නටුවෙන් ගිලිහෙන විටම සැඩ සුළගකට හසුවූයේ නම් හෝ යමෙකු එම ඇපල් ගෙඩියටම පහරක් දී බිම හෙලීමට උත්සාහ කලහොත් අප කලින් උප කල්පනය කල ස්ථානයට වඩා වෙනත් තැනකට එම ඇපල් ගෙඩියම පතිතවීමේ හැකියාවක් ඇත. ජ්‍යෝතීශ්‍ය මඟින් අප ජීවිතයේ සමු ගැන්ම නිශ්චිතවම ප්‍රකාශ කල හැකි වුද යම් අවස්ථාවල මා පෙර පැවසූ ඇපල් ගෙඩිය මෙන් යම් යම් හේතූන් මත අනාවැකිය දෝලනය විය හැක. එහෙත් එස්.පී. කුලාර් කාලාම්ස කේන්ද්‍ර ක්‍රමයේදි හදහන පරීක්ෂාව සදහා හදහන් ලාභියාගේ මෙන්ම ඔහුගේ ළගම ඥතින් තිදෙනෙකුගේද උප්පත්ති කේන්දරයන් පරීක්ෂාවට ලක් කිරීමත් ඔවුන් ඉපදුණු ස්ථානවල අක්ශාංශ දේශාංශ මැන ගැනීමත් සමඟ නාඩි වාක්‍ය සමඟ ගැලපීමේදී තත්පරයෙන් දාසයෙන් පංගුවකට බෙදෙන ශුද්ධ වූ උප්පත්ති කේන්ද්‍රයක් නිර්මාණය කර නාසා ගගන අයනයට සැකසීමේදී යම් අනාවැකියක් මරණය වුවද හරිවේලාවට පැවසීමේ හැකියාව උදාකර දී ඇත. තවද, පොකුරු තරඟ වලදී ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද සූදු තරඟ වලදී ජය ලබන්නේ කවුරුන්ද වැනි අනාවැකි සියයට සීයක්ම නිවැරදිව කීමේ හැකියාවද කාලාම්ස ක්‍රමය සතුය. තත්පර හයක ප්‍රමාදයකින් අනාවැකියේ දින දෙකක ප්‍රමාදයක් ඇති කරන බවද එස්.පී. කුලර් ලොවට හෙලි කලේ බොරු ජ්‍යොතීශ්‍ය ක්‍රමවලින් හෙම්බත්වී සිටින ලෝ වාසීන්ගේ හිත සුව පිණිසය.

කේන්දර බලන්නේ දුර්වලයන්ම නොවේ. එදා මෙදා ජ්‍යොතීෂ්‍යෙයන් පල ලබා ගත්තෝ බොහෝය. එහෙත් ජ්‍යොතීර්විද්‍යාව ගැන නොදන්නා නමුත් එය ජීවිකාව කරගත් යම් යම් පුද්ගලයන් නිසා ජ්‍යොතීෂ්‍යය හෑල්ලු වූ අවස්ථාද නැතිවාම නොවේ. ඉන්දියානු හා ඉපැරණි දේශීය ජ්‍යොතීෂ්‍ය ක්‍රමවල නොයෙකුත් ගැටළු පවතින බව යම් යම් පිරිසකගේ මතය වී ඇත. ශ්‍රී ලංකාවේ පාරම්පරික ගණිත පරම්පරා වලින් රැකගෙනආ ජ්‍යොතීර් විද්‍යාව අප ජීවිතයේ කැඩපතක් බව කිව යුතුය. බොහෝ විද්වතුන් මේ පිලිබඳ හරිහැටි සමීක්‍ෂණයක් නොකොට නොයෙකුත් මත පල කිරීම නිසා බොහෝ ගැටළු සමාජය තුල ඇති වෙමින් පවතී. නමුඳු ජ්‍යොතීර් විද්‍යාවේ විද්‍යාත්මක සත්‍යයක් ඇති බව පැහැදිලි කල යුතුය. දැනට මුහුදු හා අහස් ගමන් සඳහා යොදා ගන්නේ නාසා ගගන විද්‍යාඥයින් මීට වසර ගනනකට පෙර අත්හදා බැලූ අයනාම්ශය බව කිව යුතුය. ජ්‍යොතීර්වේදයේ මූලාරම්භයේද අයනය කැග කථාවක් පවතී. අකශාංශ දේශාංශ මුල් කරැ ගනිමින් අයනාම්ශයට අනුව නිර්මාණය කරන ලද නාවුක සිතියමකින් නෞකා සහ ගගන යානා නියමිත ස්ථානයට නියමිත වේලාවට ගමන් කරන්නේ නම් අයනය මුල්කොට කෙරෙන ජ්‍යොතීර් විද්‍යාවද එහි පලාපලද යම් හෙයකින් වරදින්නේ කෙසේදැයි ගැටලු සහගතය.

එසේනම් ගැටලුව පවතින්නේ ජ්‍යොතීර් විද්‍යාවේ නොව අප හා සම්බන්ධ වන ජ්‍යොතීර්වේදියාගේ පරිණත බාවය හා දක්‍ෂතාවය අනුවය. ගිනි අවියක් නිකමෙකු අත තිබෙන විට එය තවත් යකඩ දණ්ඩක් පමනි. සොරකු අතට පත්වුවහොත් ඔහු එය දේපල හා පරපන නැසීමට යොදා ගනී. සොරා අත ඇති ගිනි අවියට ජනතාව මහත් බියක් දක්වති. එය අවිශ්වාස කරයි. එහෙත්, යුධ හමුදා භටයෙකු අත ඇති එවැනිම ගිනි අවියකට ජනතාව මහත් සේ ප්‍රිය කරයි. එම අවිය ඔවුන් ඔවුන් ආරක්‍ෂා කරන බැව් සිතයි. අවිය හා යොදන පතරොම් එක වුවද තිදෙනෙකු අත ඇති අවි පිළිබඳ ජනතාව තුල පවතින්නේ තුන් ආකාරයක ආතල්ප බව තේරුම් ගත යුතුය. ජ්‍යොතීර් විද්‍යාවද එවැනිම සංකීර්ණතාවයක් ඇති විද්‍යාවකි. අප වෙත පණිවිඩ ලබා දෙන්නා නිපුණයෙකු නොවේ නම්, මුග්ධයෙකු වේ නම් ලැබෙන ප්‍රථිපලය සොරා අත ඇති ගිනි අවිය මෙන් අනාරක්‍ෂිතය. මෙනිසාවෙන්ම ජ්‍යොතීර්වේදියෙකුගෙන් උපදෙස් ලබා ගන්නේ නම් ඔහු ඒ පිලිබඳව සද් බාවයෙන් ක්‍රියා කරන්නෙකු දැයි සොයා බැලිය යුතුය. ඉපැරණි ජ්‍යොතීර් විද්‍යාව සත්‍ය හා ජීවිතයේ කැඩපත බව අපට නිගමනයකට එලඹිය හැකි වුවද, එය මඳකට පසක තබා ක්‍රිෂ්ණමූර්ති මහතා විසින් ලොවට ඉදිරිපත් කරන ලදුව, පසුව කීර්තිමත් සම්ප්‍රේක්‍ෂණ හා විදුලි පරිපත ඉන්ජිනේරුවෙකුවන භාරතයේ ප්‍රවීණ ජ්‍යෝතීර්වේදියෙකු වන එස් පී කුලාර් මහතා විසන් වැඩි දියුණු කල ක්‍රිෂ්ණමූර්ථි උප උප න්‍යාය කාලාම්ශ කේන්ද්‍ර පද්ධතිය ගැන සාකඡචා කිරීම වැදගත් කරුණක් බව මගේ හැඟීමයි. මෙම සොයා ගැනීමෙන් ජ්‍යොතීර්වේදීන් මවිත වූ බව කියැවේ.

එස් පී කුලාර් මහතා ඉන්දියාවේදී මෙම ක්‍රමය අත්හදා බැලුවේ මීට වසර ගනනකට පෙරදීය. දෙවියන්ට පින් සිදු වන්නට ක නිරවද්‍යතාවයකින් කාලාම්ෂ කේන්දර ක්‍රමය ඔස්සේ නිවැරදි අනාවැකි පලකල හැකිබව එස් පී කුලාර් මහතා ලොවට ඔප්පු කර පෙන්වූයේය.  මෙම ක්‍රමය තුලින් කේද්‍ර හිමියාගේ ජීවිත කථාව මෙන්ම දූදරුවන් හා දෙමාපියන් ගැනද ස්ත්‍රී පුරුෂ භාවයද නිවැරදිව අවබෝධ කරැගත හැකි බව කියැවේ. මීට වසර ගණනකට පෙර කාලාම්ශ කේන්ද්‍රය පිළිබඳ ලංකාවට හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ හ්‍රී ලාකීකයෙකු වන එහෙත් විදේශයක ජීවත්වූ ඩිලාන් සිඩ්නි ප්‍රනාන්දු නම් වෛද්‍ය තුමන්ටය. එතුමා උපාධියක් හැදෑරීම සඳහා භාරතයට ගිය කලෙක එස් පී කුලාර් මහතා හමුව කාලාම්ශ කේන්දරයේ මූලික සිද්ධාන්ත පිළිබඳව මූලික දැනුමක් ලබා ගෙන පසු කලෙක එම ක්‍රමය ශ්‍රී ලංකාවට ගෙන ඒමට ක්‍රියා කර ඇත. පසුව එතුමා නැවත විදේශ ගත වීමට පෙර ශ්‍රී  ලංකාවේ ප්‍රවීණතම ජ්‍යොතීර්වේදියෙකු වන අසේල යහප්පත් මහතාට මේ පිළිබඳව වැඩිදුර අධ්‍යන කටයුතු බාර කොට වෛද්‍ය තුමන් නැවත විදේශගතවිය. මේ වන විට අසේල මහතා කාලාම්ශ කේන්ද්‍ර පිළිබඳ මනා නිපුණත්වයක් ලබා ඇත.

කිලෝමීටර් මිලියන ගණනක් දුරින් පිහිටි ලොකු කුඩා ග්‍රහයන්ගෙන් හා තාරකා පන්තීන්ගෙන් පොලොවේ සිටින අපට වාසනව හෝ අවාසනාව ගෙනදීම මිත්‍යාවක් යැයි ඇතැමුන් විශ්වාස කරති. ඔවුන් නොදන්නා කරුණක්ද ඇත. එසේ සිතීමෙන් එම අය කරගන්නේ විශාල වරදකි. ග්‍රහ අපලවලට ගොදුරුවන ආකාරය සරළව හා විද්‍යාත්මකවද පැහැදිළි කල හැක. පෘතුවිය වටා ඇති ග්‍රහලෝක හා තරු පන්තීන්, යැපෙන්නේ නොයෙකුත් චුම්බක ක්‍ෂේත්‍රයන් මත වේ. මෙම ග්‍රහයන් තප්පරයට ගිගා හර්ට්ස් ටොන් ගණනින් පරිසර අවකාශය වෙත විද්‍යුත් චුම්බක තරංග මුදා හරී. මෙහි සංඛාතයන් බිංදුවේ සිට අනන්තය දක්වා විහිදේ. දෙවිවරුන් මනුෂ්‍යයන් හා භුත ප්‍රේත කොට්ටාශ ද අනන්තය දක්වා විහිදෙන මේ තරංග ආයාමයේ එක් එක්  සංඛ්‍යාත තුල සරති. ඔබට ගෝචර වී සුසර වන්නේ කුමන සංඛාතයද, එයින් මහත් බලපෑම් ඇතිවීමට ඉඩ ඇත. අප රට තුල එෆ් එම් නාලිකා විසි ගණනකට වඩා ඇත. එම නාලිකා තම සම්ප්‍රේක්‍ෂන යන්ත්‍ර මගින් එකකට එකක් වෙනස් සංඛාත තුල ගුවන් විදුලි නාලිකා පවත්වාගෙන යයි. එහෙත් ඔබට ගුවන් විදුලි යන්ත්‍රය ශ්‍රවණය කල හැක්කේ, එක් වරකට එක් නාළිකාවක් පමනි. එයට හේතුව අනෙකුත් සංඛ්‍යාත වෙත ඔබේ ගුවන් විදුලි යන්ත්‍රය සුසර නොවීමයි. විකාශන දෙකක් එකම සංඛ්‍යාතයේ විකාශනය වන්නේ නම් දුර්වල විකාශනය නෑසි යනු හෝ, විකාශන දෙකම එකවර ගුවන් විදුලි යන්ත්‍රයේ ශ්‍රවණය වනු කොතෙකුත් ඔබ අත්දැක ඇත. ග්‍රහ බලපෑම සිදු වන්නේද මෙයට සමාන අකාරයකින් විය යුතුය.  මේ පිළිබඳ වඩාත් පැහැදිළි කර ගැනීම සඳහා ජ්‍යොතීර් විද්‍යාව පිලිබඳ ගවේශකයෙකු හා නිපුණයෙකු වන ජ්‍යොතීර්වේදී අසේල යහම්පත් මහතා හමුවුනෙමු. මේ එතුමා සමග කල සාකඡ්චාවේ සංක්‍ෂිප්ත සටහනකි.

සංවාදය

ප්‍රශ්ණය – ඔබතුමා අපිට මුලින්ම කියන්න ජ්‍යොතීර් විද්‍යාව කිම නිවැරදිද?

පිළිතුර – ඔව්, ජ්‍යොතීර්වේදය යනු එකිනෙකාගේ කර්ම පථය අනුව සිදුවන දේක්ම නිවැරදිව කිව හැකි ක්‍රමයක්. නමුත් ජ්‍යොතීර් විද්‍යාවේ යෙදෙන ප්‍රද්ගලයා අනුව කිව හැකි කරුනු හා අනාවැකි අඩුවැඩි වෙන්න පුලුවන්. බොහෝ විට මෙහි මූලික සිද්ධාන්ත එකයි. ජ්‍යොතීර් විද්‍යාව විග්‍රහ කරනවිට බොහෝවිට අදහස් වන්නේ ග්‍රහ තාරකා වල ඇතිවන චලිතයන් නිසා මිනිසුන් හට තමන්ගේ දිවියේ එක් එක් උස් පහත් වීම් සිදු වන බවයි. නමුත් මගේ මතය නම්, කෙනෙකුගේ කර්ම පථය ක්‍රියාත්මක වන ආකාරය ග්‍රහයන්ගේ හා නැකැත් තරු පන්තීන්ගේ චලිතය ඇසුරෙන් විග්‍රහ වනවා මිස මිනිසුන්ගේ, කර්මයන් ග්‍රහ හෝ නැකැත් තරු වල චලිතය නිසා සිදුවන්නක් නොවන බවයි. මෙයින් කිසිසේත් කියැවෙන්නේ නෑ ග්‍රහයන්ගේ බලපෑමක් මිනිසුන් වන අප ට නැති බව. නමුත් කේන්දරයක් විග්‍රහ කරන විට අප ග්‍රහ හා නැකැත් චලිතයන් කේන්දරය විග්‍රහ කිරීමට යොදා ගන්නවා පමණයි.

ප්‍රශ්ණය – කෙනෙකුගේ කේන්දරයේ ජීවිත හානියක් සිදු වන් බව සටහන් වෙනවා නම් එය එසේම සිදු වෙනවාද?

පිළිතුර – නෑ, එය වෙනස් කරැ ගත හැකි අවස්ථා බොහෝ තියෙනවා. සමහර විට දීර්ඝායුෂ තියෙන හඳහනක් හිමි පුද්ගලයෙකු පවා නොසිතූ වේලාවක හෝ හිටි හැටියේ මිය යා හැකියි. බුද්ධ දේශනාවෙහි එය සදහන් වී තියෙනවා. ඒ වගේම අල්පායුෂ ඇති පුද්ගලයෙකු හට පවා නොයෙකුත් ශාන්තිකර්මයන් හා උපක්‍රමයන් මගින් අල්පායුෂ වෙනස් කරගත හැකි වෙනවා…

ප්‍රශ්ණය – ග්‍රහ බලපෑම හැම දෙනාටම එකම විට සිදු වනවාද? එසේ නොවනවා නම් එයට එහේතුව කුමක්ද?

පිළිතුර – ග්‍රහ බලපෑම හැම විටම සෑම පුද්ගලයාටම එකසේ බලපාන්නේ නෑ. ඒ සඳහා බලපාන්නේ එකිනෙකාගේ උප්පත්ති කේන්ද්‍රයේ සටහන්ව ඇති සටහනයි. උප්පත්ති කේන්දරය අනුව එකිනෙකා හට එකම ග්‍රහ තත්වයන්ගේ චලිතයන් විවිධ ලෙස විග්‍රහ කර ගත යුතුයි.

ප්‍රශ්ණය – ඔබ තුමා කියන්නේ කේන්දරයේ ඇති දේ වෙනස් විය හැකියි කියලාද?

පිළිතුර – සත්තකින්ම, එසේ විය හැකි නොව එසේ කල හැකියි. හැම විටම හඳහනේ ඇති හැම දේම සිදු විය යුතු නෑ. නමුත් බොහෝ ජ්‍යොතීර්වේදීන් කරුනු හරි හැටි නොදැන කරන ප්‍රකාශ නිසා බොහෝ විට ජනතාවට දැඩි අපහසුතා ඇති වෙනවා. ඔවුන් සමහරක් ජනතාව බියකර මුලා කරනවා. එහෙත් මා කිව යුත්තේ කේන්දර පිටපතේ සඳහන්වන මාරකයන් පවා ජයගැනීමට හැකියාව තිබෙනවා. නමුත් මේ බැව් බොහෝ තැන්වලදී නිවැරදි ලෙස සටහන් වෙන්නේ නෑ.

ප්‍රශ්ණය – ඔබ තුමා එවැනි මාරක කේන්දර දැක තිබෙනවාද?

පිළිතුර – ඔව්. එවන් කේන්දර කොතෙකුත් අප දැක තිබෙනවා. ඩුබායි රාජ්‍යයයේ මගේ මිතුරෙකු වන ව්‍යාපාරික ශ්‍රී ලාංකීකයෙකුටත් එවන් ගැටලුවක් ඔහුගේ කේන්දරයේ බරපතල ලෙස සටහන්ව තිබුනා. නමුත් අප හා ජ්‍යොතීයේ නියැලී සිටින අප මිතුරන් දුන් උපදෙස් පිළිපැදීම නිසා එම තත්වය සමනය කර ගනිමින් සාර්ථක ලෙස එම මාරක කාලය පන්නා ගැනීමට ඔහුට හැකියාව ලැබුනා. මරණය කවදා කොතැනකදී හෝ අප වෙත ලඟා විය හැකියි. නමුත් යහපත්ව ජීවත් වීමෙන් හා  යහපත් චේතනා තුලින් මේවා වෙනස් කල හැකි බව අප අත්දැක තියෙනවා.

ප්‍රශ්ණය – ඔබතුමා කාලාම්ශ කේන්දරය පිළිබඳව දරන්නේ කුමන අදහසක්ද?

පිලිතුර – මා අත්දැක ඇති පමණට අප මෙතෙක් අත්දුටු වඩාත්ම නිරවද්‍ය කේන්දරය නම් කාලාම්ශ කේන්දරයයි. යම් කේන්දරයක විග්‍රහ කරන විට එම අයගේ කේන්දරයේ තමන්ගේ මවු, පියා, සහෝදර නෑදෑ හිතවතුන් ගැන පවා කිව හැකි නම් එය විශිෂ්ඨ තත්වයක්. අපගේ පැරනි සාම්ප්‍රදායික ක්‍රම වේදයන් තුලිනුත් මේ බැව් යම් පමණකට කිව හැකි වුවත්, කාලාම්ශ කේන්දරයකින් තමන්ගේ දුර ඥාතියෙකු පිලිබඳව වුවත් වඩා නිරවද්‍ය පලාපල කථනයක් ලබා දෙන්න පුළුවන්. ඒත් ඒ සැම දෙයක්ම විග්‍රහ කරන්න නම් මහත් කාලයක් ගත වෙනවා. එනිසා අප මූලිකව කේන්ද්‍ර හිමියාගේ දිවියේ තත්වයන් පමණක් වඩාත් නිවැරදිව කියන්න මෙම කාලාම්ශ කේන්දරය යොදා ගන්නවා.

ප්‍රශ්ණය – කාලාම්ශ කේන්ද්‍ර ක්‍රමය මගින් ඔබ පලාපල කථනය සිදු කරනවාද

පිළිතුර – ඔව්. වඩා සූක්‍ෂම තැන් විග්‍රහ කරන්නට ඇවැසි තැන් වලදී එහි ප්‍රථිපල වඩා නිවැරදිව කිව හැකි බැව් මා අත්දැකීමෙන් දන්නේ ඒ නිසයි.

ප්‍රශ්ණය – ඔබ දහස් ගනනක් මේ වන විට කේන්දර විග්‍රහ කර ඇති. එයින් ලබා ගත් අත්දැකීම් අනුව යම් කෙනෙකු රෝගයකින් හෝ විපතකින් ගලවා ගත හැකි බැව් අත්දැක තිබෙනවාද?

පිලිතුර – නිසැකවම, එවන් වූ කාරණා නම් බොහෝ තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම ජ්‍යොතීර්වේදියෙකු වන අප කරන දේට වඩා ඒ වෙනුවෙන් එම කේන්දර හිමියන් සද් බාවයෙන් කල යුතු දේ රැසක් විවිධ අයට විවිධ මට්ටමෙන් තියෙනවා. ඒවා ජ්‍යොතීෂ්‍ය උපදෙස් අනුව නිවැරදිව සිදු කිරීම මත ඉතා සාර්ථක හා සතුටුදායක අත්දැකීම් ලබා ගැනීම කල හැකියි.

ශ්‍රීපති ක්‍රමය පැරදවූ ක්‍රිශ්ණ මූර්ති පද්ධතිය

වැරදි අනාවැකි නිසා අමාරුෙව් වැටුනු ෙද්ශපාලන නායකෙයෝද ඔබද මාද වැරදි අනාවැකි හේතුවෙන් කරදරයට පත්වූවෝ වෙමු. හරිහැටි ඵල නොදෙනා ග්‍රහ අපල ග්‍රහ දෝෂ අනතුරු සහ ජය ලැබීම් පිලිබදවද වැරදි අනාවැකි නිසා මනසින් උසස්යැයි කියාගන්නා මිනිසුන්ම මහත් සේ සිත් තැවුලට පත්වන්නේ නිරායාසයෙනි. කිසිවිටකත් ටක්කයටම නොදැන බොරු අනාවැකි කීම සුදුසු දෙයක් නොවේ. පැරණි ජොශ්‍ය ක්‍රම මගින් පෙර සිදුවන දේ පැවසීම ග්‍රහයන්ගේ බලපෑම් පිලිබදවද පැවසීමද එතරම් සාර්ථක නොමැති අසාර්ථක ක්‍රමවේදයක් බව කිව යුතුය.උදාහරණයක් ලෙස පොකුරු තරගයකදී ජය හිමිවන්නේ කුමන පාර්ශවයටදැයි ඉපැරණි ජෝතීර්වේදයට අනුව පැවසීම ගැටලුවට කරුණකි. එමෙන්ම එකම නැකතක උපත ලැබූ පුද්ගලයන්ගේ ගතිගුණ හා හැසිරීම්ද වෙනස්වීම් ඇති බැවින් එවැනි අවස්ථාවකද ඉපැරණි ජෝතීර්වේදය පිළිබදව දෙවරක් සිතා බැලීම සිදුකළ යුතුය. තත් කාලයෙන් හා කර්ණ මුණ්ඪ ක්‍රමයෙන් ජෝතීර්වේදියකුට යම් යම් දේ පැවසිය හැකි වුවද ඒවා 100 ක් සාර්ථකයැයි කීමට නුපුලුවන.

එසේනම් පැරණි ජෝතිර්වේද ක්‍රමවලදී අනාවැකි වරදින්නේ ඇයි. ඇත්ත වශයෙන්ම ඉපැරණි ජෝතීශ ක්‍රම වසර 7000කට එහා ඉතිහාසයකට දිවයයි.ඒවා නිර්මාණය කොට ඇත්තේ එකළ ඉතා අඩු ජනගහනයක් පෘතුවිය තුල ජීවත් ව සිටියදීය. එකල පෘතිවි අයනයට ඇති දුර රිශිවරුන් ගණන් බලා ඇත්තේ නිවැරදී ක්‍රම වලට වුවද වසර 7000ක් පමණ කාලයක් නැවත සංශෝධනයකින් තොරව මූලික ගුරුවරුන් දුන් අයනයම භාවිතා කිරීම මගින් ගණිත ක්‍රමයෙහිම ඇතිවන වැරැද්දක් නිසා මෙසේ අනාවැකි වැරදී යන බව සොයාගෙන ඇත. එයට හේතුව මූලික ගුරුවරුන් සොයාගත් දේ නිවැරදි වුවුද පෘතිවියෙහා හා සදතරු තාරකාවල දුර වෙනස්වීම් හැඩය වෙනස්වීම් හා විනාශවීම් නිසා ඇතිවන වෙනස්කම් පිළිබද ඉපැරණි ජෝශ්‍ය ක්‍රම වන දැන් පරපුරේ ඇත්තන් අවධානය යොමු නොකිරීම නිසා ජෝතීර්වේදියා කෙතරම් දක්ශ වුවද ගණනයෙහි ඇති වැරදි ක්‍රමය මගින් අනාවැකි සහ ප්‍රතිඵල වෙනස් වී ව්‍යාජ ඒවා පිළිබිඹු වී සේවය ලබන්නාට මහත් සිත්තැවුල් ගෙනදෙන වැරදි අනාවැකි පැවසීමට පෙළබීමයි.

මේ සදහා විසදුම කුමක්ද . ඇත්තෙන්ම මෙම වැරදි අනාවැකි නිවැරදි කරගැනීමට මෑතකදී ඉන්දියාවේ ප්‍රවීණ ජෝතීර්වේදීන් දෙදෙනකු මුල් වී ක්‍රියා කර බව කිව යුතුය. මුලින්ම නාසා ගගණ අයන් ආම්සයට අනුව ඉන්දියාවේදී මහාචාර්ය ක්‍රිෂ්ණමූර්ති මහතා ජෝතීර්වේදයේ උප න්‍යායට ගොස් ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය නිර්මාණය කර අතර එමගින් පැරණි ජෝශ්‍ය ක්‍රමවලට වඩා 90ක නිවැරදිතාවයකින් යුත් අනාවැකි පැවසීමේ හැකියාව ජෝතීර්වේදීන්ට ලැබුනුබව පිලිගත යුතුය. එහි ගැබ්ව තිබුනේ නාසා ආයතනය මගින් අයනයේ දුර නිවැරදිව ගණනය කර තිබීමත් ඉපදුණු ස්ථානය පිළිබදව අක්ෂාංශ හා දේශාංෂ මගින් නිවැරදි ක්‍රම වේදයකට අනුව තොරතුරු ලබාගැනීමත් හදහන් ලාබියා ඉපදුණු වේලාව පිළිබද තීරණයක් ගැනීමට පෙර උත්පත්ති වේලාව සංශෝධනය කර හැකිවීමත් නිසා කරදරයකින් සහ අමාරුවකින් තොරව නිවැරදි ලෙස අනාවැකි සහ ග්‍රහ අපල පිලිබද දැනුවත් කිරීමට හැකියාවක් ලැබිණි. මරණය සම්බන්ධයෙන් වුවද නිවැරදිම තොරතුරු ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය මගින් සම්පූර්ණයෙන්ම හෙලිකරගත හැක. නාසා අයනයට අනුව කටුනායක ගුවන්තොටුපලින් ගුවන්ගතකර ගුවන්යානයක් නවදිල්ලි ගුවන්තොටුපලට ගොඩබසිනා වේලාව සහ අවස්ථාව ගණනය කිරීම ඉතා පහසු කටයුත්තකි. ග්‍රහ බලපෑම් පිලිබදව හා පොකුරු තරගයන් පිලිබදව අනාවැකි පළකිරීමට යාමේදී ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේද ගැටලු ඇතිවූ බැවින් එය තවත් දියුණ්‍ර කිරීමේ අවශ්‍යතාවයක් විය. පසුව ඕල් ඉන්දියා රේඩියෝවේ සම්ප්‍රේෂන යන්ත්‍ර පිලිබද මහාචාර්ය වරයකු හා ඉංජිනේරුවකු එස් පී කුලාර් මහතා විසින් නාසා අයනයටම ජෝශ්‍ය් උප හා උප න්‍යායට යමින් ගැටලුව විසදාලීමට සමත් විය. අපි එම ජෝශ්‍ය ක්‍රම වේදයට සිංහල නම වශයෙන් කාලාම්ස ක්‍රමය යැයි කියමු. මෙම ක්‍රමය උප්පත්ති වේලාව තත්පරයෙන් 16න් පංගුවක් තරම් නිවැරදි ලෙස සකසා ගැනීමට සමත් ඉතාම දියුණු මට්ටමේ ජෝශ්‍ය ක්‍රමවේදයකි. මෙම ක්‍රමවේදයට අනුව ඔබ පලාඵල හා අනාවැකි කීමට පෙර ඔබගේ දෙමවුපියන්ගේ හෝ ලගම ඥාතී තිදෙනකුගේ උප්පත්ති වේලාවන් පරීක්ශා කරනු ලබයි.එමගින් ඔබ හැඩහුරුකම් ඔබගේ මවගේ පළවෙනි දරුවාද දෙවනි දරුවද යන වගත් රැකියාව සහ ඕනෑම අනාවැකියක් නිවැරදිව ඵල කිරීමේ හැකියාවක් ඇති කරයි.

මේ උදාහරණය දෙස බලන්න. ඔබගේ උපන් වේලාව කාලාම්ස ජෝතීර්වේදියකු විසින් පරීක්ශාකරන්නේ නම් ඔබ හෙට දිනයේ ඇති බව ජෝශ්‍යට අනුව තහවුරු වන්නේ නම් කාලාම්ස වදෙියා ලෙසින් ඔබ බිරිදගේද උපන් වේලාව සහ ස්ථානය ගෙන එම ක්‍රමයට අනුව පරීක්ශාකිරීමෙන් අනතුරුව හෙට දිනයේදීම ඇය අස්වාමික වන්නේනම් ඉන් පසුව ඔබ දෙමවුපියන්ගේද කාලාම්ස ක්‍රමයට අනුව උපන් වේලාව සහ ස්ථානය ගැන පරීක්ෂා කිරීමේදී ඔවුන්ට හෙට දිනයේම පුතු අහිමි වන බව පෙනේනනට තිබේනම් උප හා උප න්‍යායට අනුව හෙට දිනයේදී ඔබ අනිවාර්යෙන්ම මිය යන බව කාලාම්ස වේදියාට පැවසීමට හැකියාවක් ඇත. මෙම ක්‍රමය ක්‍රිෂ්ණමූර්ති පද්ධතියෙන් එහා ගිය ඉතා දිගු වේලාවක් ගත වන දැනට පවතින නිවැරදිම අනාවැකි පැවසීමට හැකි ක්‍රමයයි. තත්පරය 16කට බෙදා වේලාව සුද්දකරගැනීමෙන් උප්පත්ති වේලාව ඉතා නිවැරදිව සකස්කර ගත හැකිය. කෙසේ වෙතත් මා දන්නා තරමින් කාලාම්ස ක්‍රමයට නිවැරදිව උප්පත්ති වේලාව සකස්කරගත හැකි ජෝතීර්වේදීන් ශ්‍රි ලංකාවේ සිටින්නේ අතේ ඇගිලි ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයකි. මෙම ක්‍රමය සදහා ඉන්දියානු නාඩි ශාස්ත්‍ර ක්‍රමයද කුලර් මහතා විසින් එක්කොට ඇත්තේ වඩාත් නිවැරදිම තොරතුරු ලබාගැනීමේ අදහසිනි. කාලාම්ස ක්‍රමයට අමතරව කාලාම්ස වේදියා විසින් නාඩි ශාස්ත්‍ර ක්‍රමයට අනුවද ඔබගේ උපන් වේලාව සහ හදහන පරීක්ශා කරනු ලබයි. ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ හෝ කාලාම්ස ජෝශ්‍ය ක්‍රමයේදි දළ කේන්ද ක්‍රමය පිළිගැනීමට ලක්වන්නේ නැත.

කෙසේ වෙතත් බොහෝ විට පුද්ගල හදහනකින් කියවෙන්නේ පෙර කළ කර්මයන් හා කුසලයන් පිලිබද දල සැකැස්මකි. දුක නැති තැන සතුට ඇතිවේ. සතුට නැති තැන දුක ඇතිවේ. එය බුදුන්වහන්සේගේ කියමණයි. එබැවින් ජෝශ්‍යෙයට අනුව සිදුවීමට හැකි බොහෝ දේ අපට වෙනස්කිරීමට හැකියාවක් ඇත. නිවන් අවබෝධ කරගත් උතුමන්ට කර්මය ඵල නොදෙනා බව බුදුදහම පවසයි. එමෙන්ම විපත්ති සම්පත්තිය සහ දුක්ඛ නිරෝධන සම්පත්තිය පිළිබදව බුදුදහමේ ඉගැන්වෙයි. දෛවය මෙන්ම කර්මයද වෙනස් කළ හැකි බව අප අමා මෑණි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කර ඇත්තේ අපමණ භයට පත්වූවන්ගේ සිත් සනසාලමිණි. කෙතරම් ග්‍රහ අඵල තිබුනද කෙතරම් මාරක ඔබ කේන්දයේ සදහන් කර තිබුනද බුදුන්වහන්සේ දේශනා කළ ප්‍රයෝග සම්පත්තිය අනුගමණය කිරීමෙන් ඔබටද එම බාධක මග හරවා ගත හැක. ඒ සදහා වහා වහා කුසලය රැස් කළ යුතුය. එබැවින් මේ නිර්මළ දහමේ සුවය විදිමින් නිවැරදි ජෝශ්‍ය අනාවැකි සදහා අවශ්‍ය කටයුතු සකසා ගන්නා මෙන් කරුණා පෙර දැඩිව ඔබෙන් ඉල්ලා සිටිමි.

ජෝතීර් විද්‍යරත්න ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය හා කාලාම්ස කේන්දය පිළිබද ඉන්දීය ජොශ්‍ය විශාරද ජෝශ්‍ය විද්‍යාපති

මිනුවන්ගොඩ රෝහලේ වෛද්‍ය නිළධාරී නිරංජන් මහකුඹුර