Lunch Box එකේ හිටපු මාරයා – Photos

0
11

Lunch Box එකේ හිටපු මාරයා – Photos

සිය දරුවාගේ පාසල් දිවා ආහාර පෙට්ටියේ සැඟවී සිටි විෂඝෝර සර්පයෙක් එම දරුවාගේ මවට හසුවීමේ පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

නොවැඩුන සර්පයා ළමයාගේ පාසල් ආහාර පෙට්ටියේ පියනක රැඳී සිටියදී මවට හසු වී ඇති බව සර්පයන් පාලනය කරන්නකු වන රොලී බරේල් (Rolly Burrell) BBCයට වාර්තා කර ඇත්තේ.

සර්ප අනතුරෙන් බේරීම සඳහා එම කාන්තාව සිය ආධාර ඉල්ලා සිටි අවස්ථාවේ එම ආහාර පෙට්ටිය වසා නිවසින් බැහැරට ගෙනයන ලෙස තමා උපදෙස් දුන් බව රොලී බරේල් වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

එම දුඹුරු පැහැති සර්පයා ලෝකයේ අතිශයින් විෂඝෝර සර්පයකු හැටියට රොලී බරේල් විසින් හඳුනා ගනු ලැබ ඇත්තේ.

පාසල් දරුවාගේ ආහාර පෙට්ටියේ සිටි සර්පයා කුඩා නමුත් එම සර්පයාගේ විෂෙහි අඩුවක් නැති බව ඔහු පෙන්වාදෙනවා.

සර්පයා හඳුනා ගනු ලැබීමෙන් පසු කිසිදු අනතුරකින් තොරව ඉවත් කරන ලද බවත් බරේල් පවසා ඇතැයි සඳහන්.

Like

Like
Love
Haha
Wow
Sad
Angry

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න

ඔබගේ අදහස දක්වන්න
ඔබගේ නම