අපිට කිසිම අඩුපාඩුවක් නොවෙන්න කාලි මෑණියෝ බලාගන්නවා කියලා පොරොන්දු වුණා

0
48

අපිට කිසිම අඩුපාඩුවක් නොවෙන්න කාලි මෑණියෝ බලාගන්නවා කියලා පොරොන්දු වුණා

අපි ඔවුන් සොයාගෙන ගියේ නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමාගේ මඟ පෙන්වීමට අනුවයි. ප්‍රදේශයේ අසරණ පවුල් සඳහා ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ කටයුත්තක් සඳහා මෙම ගමට ගිය අවස්ථාවේ මෙම යුවළ ඇස ගැටී ඇති ලේකම්වරයා ඔවුන්ගේ විස්තර ඇසීමෙන් ඇතිවූ විමතිය නිසා ඒ පිළිබඳ අප දැනුවත් කළේය. ලේකම්වරයාගේ විස්තරය මත ඇතිවූ කුහුල නිසා අපි ඔවුන් සොයාගෙන ගියෙමු.

මාරසිංහ පතිරලාගේ ජයතිලක සහ ජයලත් පතිරණලාගේ ඇලිස්නෝනා අපව සාදරයෙන් පිළිගත්හ. ඔවුන්ගේ පැල්පත තුළ පන් පැදුරක අසුන්ගෙන අපි ඔවුන්ගේ කතාවට සවන් දුන්නෙමු. ස්වාමියාගේ කන් ඇසීම එතරම් යහපත් නොවූ බැවින් අප හා වැඩිපුර දොඩමළු වූයේ එම මාතාවයි.
‘මහත්තයෝ අපි මෙහෙට ආවේ අසූ තුනේ අවුරුද්දේ. අපි දෙන්නාටම ඥති බලපෑම් තියෙනවා. (ඥාති බලපෑම් යනු දේවාරූඪයෙන් ලබාදෙන භූත බලවේග හඳුන්වන ආකාරයයි) කාලි, කඩවර, සූනියම්, කම්බිලි දේවාරූඪ අපි දෙන්නටම තියෙනවා. ලෙඩ රෝග හදි හූනියම් නිසා අසරණ වුණ දහස් ගණනකට අපි පිහිට වෙලා තියෙනවා. ඒත් මේක කාලි මෑණියන්ගේ අණ. අපිට ඒක කඩ කරන්න බෑ.

එක්දාස් නවසිය අනූවේදී කාලි මෑණියෝ දේවාලෙ ‍දොර හිර කෙරුවා. අද වෙනකන් ඇරුණෙ නෑ. පසුගිය දෙසැම්බර් වෙනකන් මම එළියේ යහන් හදාගෙන මිනිස්සුන්ගෙ වැඩ කරලා දුන්නා. ඒත් මගේ මනුස්සයට වැඩ කරන එක කාලි මෑණියෝ තහනම් කරලා තියෙන්නේ. කවදාහරි දවසක කාලි මෑණියෝ එයාට පූර්ණ බලය දෙනවා. දේවාලයේ ‍දොර ඇරෙන්නෙ එදාටයි. ඒ වෙනකන් අපිට කිසිම අඩුපාඩුවක් නොවෙන්න කාලි මෑණියෝ බලාගන්නවා කියලා පොරොන්දු වුණා. හැමදාම කවුරු හරි කනබොන දේවල් අරන් අපිව බලන්න එනවා. ඒ අය එවන්නෙ මෑණියෝ කියලා අපි දන්නවා.

මේ ගේ ඇතුළේ පුරවලා තියෙන්නේ එන අය ගෙනාපු දේවල්. පුංචි පැලක හිටියට අපිට කිසිම අඩුපාඩුවක් නෑ. අපිට මීට වඩා ලොකු දේවල් ඕනෙ කියලා හිතෙන්නෙත් නෑ. බඩගින්න වුණත් නිතරම දැනෙන්නේ නෑ. ඇය පැවැසූ තොරතුරුවලට අනුව ‍දොර වැසුණු බව කී දේවාලය පිහිටියේ ඔවුන්ගේ පැල්පත ආසන්නයේය. අපි එහිද ගියෙමු. දේවාලය ඉදිරිපිට දෙවියන් උදෙසා ඉදිකළ යහන් කීපයක් දක්නට ලැබිණි. ඒවාද මාස කිහිපයක් නඩත්තු නොකළ බැවින් අභාවයට ගොස් තිබිණි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න

ඔබගේ අදහස දක්වන්න
ඔබගේ නම