දුරකථන අංක : 0115248707 |  011 5 940 950 | 011 5 945 750 ෆැක්ස් : 0115942300

නොනවතින කැස්සට හොඳම බෙහෙත ස්ටීම් කරපු දොඩම් ?

සාමාන්‍ය උණක් කැස්සක් කියන්නේ අපි දන්නා තරමෙන් ඕනෑම බැක්ටීරියා ආසාදනයකින් එන්න පුළුවන් රෝග ලක්ෂණ.

කැස්සට දෙන පැණියක් ඒ වෙලාවට ෆාමසි එකෙන් අරගෙන බොන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ.

නමුත් මේකෙන් ඒ වෙලාවට ක්ෂණික සහනයක් ලැබෙනවා මිසක් ස්ථිර විසදුමක් නං ලැබෙන්නේ නෑ.
 
ඇත්තටම බැලුවොත් අපි එකෙන් කරන්නේ අපේ ශරීරයෙන් ආසාදනයට එරෙහිව කරන ප්‍රතිශක්තියට බාධා කිරීමක්.

නිතර නිතර ඇතිවන කැස්සට හොඳ බෙහෙතක් තමයි ස්ටීම් කරපු දොඩම්. නමුත් ඉස්සෙල්ලා අපි බලමු දොඩම් ගෙඩියක් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා.

1.පිටත පොත්ත

මේක තමයි දොඩම් ගෙඩියේ පිටතින්ම තියන වර්ණවත් ආවරණය. මේක ඉංග්‍රීසියෙන් ‘zest’ කියල හදුන්වනවා. සමහර බේකරි නිෂ්පාදන වල පැඟිරි රස ගන්න මේක භාවිත කරනවා.

2.පොත්තට ඇතුලින් ඇති සුදු පැහැ ඝන ආවරණය

මේක හැමවෙලේම අපි කනකොට විසිකරනවා. සුදු පැහැති මෙම කොටස, විටමින් c, කෙඳි,සහ වැදගත් ප්‍රෝටීන් වලින් පරිපුර්ණයි. තවද මේකේ තිත්ත රසට වගකියන්න ඕන ෆිනොලික් අම්ලයද අපේ ශරීරයට වැදගත් වෙනවා.

3.දොඩම් බික්

මේවා තමයි අපි කවුරුත් ආසාවෙන් කන දොඩම් යුශ පිරුණු දොඩම් මදය. මේකත් ෆ්ලෙවෝනොයිඩ් සහ විටමින් c වලින් පිරිලා තියෙන්නේ.

විටමින් C අධික උෂ්ණත්වයත් එක්ක විනාශ වෙනවා කියල අපි හැමෝම දන්නවා. එහෙනන් ඇයි අපි දොඩම් ස්ටීම් කරගන්නේ කියල ඔයාලට දැන් ප්‍රශ්නයක් වෙලා ඇති. මේකේ තියන රහස තමයි අපි මේක ස්ටීම් කරගන්නේ අර අපි කලින් කියපු පොත්තට යටින් තියන ඝන සුදු ආවරණය දියවෙනකන් පමණයි.

අපි විසික් කරන මේ කොටසේ අපිට වැදගත් ගොඩක් දේවල් ඇතුලත් වෙනවනේ. ලුණු මිශ්‍ර කරලා රත් කරලා අපිට මේ පෝෂක කොටස් ලබා ගන්න පුළුවන්. පහතින් අපි බලමු කොහොමද අපි මේ දොඩම් ස්ටීම් කරගන්නේ කියල.

දොඩම් ගෙඩිය උඩින් රවුමට කොටසක් කපන්න. දැන් එය උඩට උස්සා තේ හැඳි භාගයක් ලුණු ඇතුලට දමන්න. උඩ කොටස නැවත උඩින් තියන්න.

දැන් දොඩම් ගෙඩිය ගැඹුරු භාජනයක තබා විනාඩි 20ක් පමණ ස්ටීම් කරගන්න.

විනාඩි 20න් පස්සේ දොඩම් ගෙඩිය අරගෙන මදය රස්නේ තියනකොටම ආහාරයට ගන්න.

දොඩම් ගෙඩිය ලෙලි ගහන්නේ නැතුවම මදය ආහාරයට ගන්න පුළුවන් උඩ කොටස අයින් කලහම

ඉතින් නොනවතින කැස්සට මෙලෙස ස්වභාවික ප්‍රතිකර්මයක් කරගන්න ඔයාලටත් පුළුවන්. කැස්ස නිසා පිඩා විදින මිතුරන්ටත් දැනගන්න මේ වටිනා ලිපිය Share කරන්න.

Leave a Comment

(0 Comments)

Your email address will not be published. Required fields are marked *